02 - යාලුවෙක්

68 17 6
                                    

" හා ලොකු නෝනා "

හැබැයි ඒ ගමන්ම ලොකු නෝනා නැවතිලා මගෙ දිහාට දැම්මෙ ප්‍රශ්නාර්තසහගත මූනක්.

" මොකද්ද කිව්වෙ "

" ඇ-ඇයි ල්.ලොකු නෝනා "

" ලොකු නෝනා. අනේ දරුවෝ. මම මේ කට පුරා පුතේ කියලා කතා කරද්දි ඔයා මට ලොකු නෝනා කියලා හරියනවද. ශිරෝමි ආන්ටී කියන්න දරුවෝ. නැත්තම් නිකන්ම ආන්ටී කිව්වත් කමක් නෑ"

ලොකු නෝනා මගේ ලඟට ඇවිත් මගෙ කම්මුල් දෙකත් මිරිකලා කියද්දියි මගෙ ඇඟට ලේ ටිකක් උනුවෙ. මම බය උනා දෙයියනෙ. හැබැයි ලොකු නෝනා නම් හරිම හොඳයි. මට ආන්ටී කියන්න කියලත් කිව්වා. ඒ උනාට අර මාන්නක්කාරයා. ඌ නම් මම පොඩි බේබි කියද්දි හරි උනන්දුයි. පුහ්. මහලොකු පොඩි බේබි.

" හරි ආන්ටී "

මම කට පුරා හිනාවෙලා ආන්ටී කිව්වම ශිරෝමි ආන්ටි මගෙ කොන්ඩෙත් අවුල් කරගෙන උඩ තට්ටුවට යන පඩිපෙලෙන් උඩට ගියා. මගෙ රූම් එක උඩ තට්ටුවෙද තියෙන්නෙ. අනේ දෙයියනේ. මට මෙච්චර සප්‍රයිස් දෙන්න එපා. හාට් ඇටැක් එකක්වත් ඇවිත් මැරිල ගියොත් අර ගමේ ඉන්න ලස්සන නම්කිලා ටිකත් හෘද වස්තුව පැලිලා මැරිල යයි.

" පුතා මේ තියෙන්නෙ ඔයාගෙ රූම් එක. එහා පැත්තෙ රූම් එකේ අයිය ඉන්නව හොඳද. හදිස්සියෙ මොනා හරි ඕනි උනොත් එයාගෙන් අහන්න. එන්නකො ඇතුලට "

දෙවනි තට්ටුවෙ වම් අත පැත්තෙ කාමරයක දොරක් ඇරලා ශිරෝමී ආන්ටී කියද්දි මම එහා පැත්තෙ රූම් එක දිහා වපර ඇහින් බැලුවා. මේ මාන්නක්කාරයත් මෙතනමලු ඉන්නෙ. අපෝ... ඕන්නෑ මෝඩ මූසලයගෙ උදව් මට..

ඒ රූම් එකේ දොරටත් ඔරවගෙන මම මට දීපු රූම් එකට ගියේ ආන්ටිත් එක්කමයි. ඒක නම් කාමරයක් වෙන්න බෑ. ඇඳේ බිත්තියකට හේත්තු කරලා බිත්තියෙ මැද හරියෙන් තිබ්බ ලොකු ඇඳ හැම දේටම කලින් මගෙ හිත හොරකම් කරගත්තා. පැත්තක තියෙන පොඩි මේසෙයි පුටුවයි , කණ්නාඩි මේසෙයි , ලොකු අල්මාරියයි. කාමරේ හරි පිලිවෙලයි. අලු පාටයි සුදු පාටයි බිත්ති , කර්ටන් , ඇඳ රෙදි එක්ක කාමරේ තිබ්බෙ හරිම නිවුනු පෙනුමක්. දවස් දෙකකට හරි මෙහෙම කාමරේක ඉන්න තරම් මම පින් කරාද දෙයියනෙහ්. ඔයාට තව පින් ලැබෙන්න ඕනි මට මෙහෙම සලකලා කරන කුසල කර්ම වලට.

හයිසින්ත් මල් 💜Where stories live. Discover now