04. කුවාන් සර්...🌸

173 33 11
                                    

🌸 Youth 🌸

"මේ තියෙන්නේ රෙස්ට් රූම් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේ තියෙන්නේ රෙස්ට් රූම් එක..."

හරිත පුස්තකාලය ශාන්ට පෙන්නුවට පස්සේ කොනේම තිබුන 12වසර පංති හෝල් එකට යන්නේ නැතුව යීබෝ පංති හෝල් දෙකක් මැද්දෙන් තිබුනු පාරක යන්න පටන් ගත්තා.

"ළමයි අසනීප උනහම ඉන්නේ මේ රූම් එකේ තුවාල උනහම එහෙම බෙහෙත් දාන්නෙත් මේ රූම් එකේමයි..." 

යීබෝ දකුණු පැත්තෙන් තිබුනු රෙස්ට් රූම් එක ශාන්ට පෙන්නද්දී ශාන් ඒ දිහා බලාගෙනම යීබෝත් එක්ක ඉස්සරහට ඇඳුනා.

"යීබෝ ගගා..."

කොහේදෝ ඉදපු කෙල්ලෙක් කෑ ගහගෙන යීබෝත් ශානුත් ලගට දුවගෙන එද්දී හිනාවක් නැති යීබෝගේ මූණ තව තවත් අඳුරු උනා. ශාන්ලාට වඩා අවුරුදු දෙකක් තුනක් තරම් බාලයි කියලා හිතන්න පුලුවන් කෙල්ල දුවගෙන ආපු වේගෙටම යීබෝගේ අතේ එල්ලෙද්දි යීබෝ ඉක්මනින් ඒ කෙල්ලගෙන් අත ගලවගත්තා.

"""දුවගෙන ඇවිල්ලා අතේ එල්ලුන හැටි... මේක ඉස්කෝලයක් කියලවත් මේ කෙල්ලට ගානක් නෑනේ... ඒක මේ කෙල්ලගෙ තියන විසේ වැඩි කමද... නැත්තම් මේ වගේ ඉස්කෝල වල ඒ දේවල් සාමාන්‍යයිද..."""

යීබෝ ඉස්සරහට වෙලා දෙකට කැපිච්ච ගැඩවිල් පනුවෙක් වගේ ඇඹරෙන කෙල්ලව දකිද්දී ශාන්ගේ හිතට නම් කොහේදෝ තිබුන තරහකුත් දැනෙන්න ගත්තා

"යීබෝ ගගා කොහෙද මේ යන්නේ... කෝ අපේ ගගා..."

යීබෝ ඉස්සරහ ඇඹරි ඇඹරි ඉන්න කෙල්ල ශාන් එතන නෑ වගේ යීබෝත් එක්ක කතා කරද්දි ශාන් රවාගෙන ඒ කෙල්ල දිහා බලාගෙන හිටියා.

"ස්පෝර්ට් රූම් එකේ..."

කෙල්ල අහපු දේට යීබෝ උත්තර දුන්නේ ඕනවට එපාවට වගේ.

🌸  Youth  🌸Where stories live. Discover now