විසිඑක්වන පරිච්ඡේදය

328 40 28
                                    

"මං... මං ආදරෙයි මහත්තයා..."

මම විනාඩි ගානකට වෙනම ලෝකයක අතරමං වූයෙමි... මෙච්චර කාලයක් මේ වචන ටික වෙනුවෙන් නේද මම බලාගෙන හිටියේ කියලා මතක් වුන තත්පරයක් ගානේ මගේ හදවත වැස්සේ ගුගුරන සද්දෙටත් වඩා සද්දෙට ගැහෙන්න ගත්ත විදිය මගේ පපුවට තුරුළුවෙලා හිටිය විහස්ටත් ඇහෙන්න ඇති... ඒත්..., මගේ මූණේ හිනාවක් ඇඳිලා ආපහු තත්පර දෙක තුනක් යන්න කලියෙන්ම වියකිලා යනකොට මම විහස්ව මගෙන් අහකට කලෙමි....

"මහත්තයා...."

මම විහස්ව පපු තුරුළෙන් අහකට තල්ලු කරපු නිසා විහස් මා දිහා වැස්සේ තෙමි තෙමිම බලා සිටියේය....

"එපා විහස්.... ඔයා යන්න..."

"මහත්තයා මං ඇත්තටම...-"

"වඳින්නං... විහස් මේ විකාරේ නවත්තගනින්... මාව රිද්දන්න එපා බං... මාත් මනුස්සයෙක්... ඉවසන්න පුළුවන් සීමාවක් තියනවා... ඉස්කෝලේ දාලා යන්න හදන නිසා මාව නවත්ත ගන්න මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා විහස්....ඒ තරම්ම නපුරු වෙන්න එපා චූටි.... මට ඉවසන්න බෑ.... ඕන්නම් මට ගහන්න බයින්න... අසහනකාරයා කිව්වත් කමක් නෑ... මට ඉවසන්න පුළුවන්... ඒත්..."

"මම එහෙම හිතලා නෙවේ කියන්නේ.... මං ඇත්තටම ආදරෙයි දෙයියනේ... ඇයි තේරෙන්නැත්තේ.... ඔව් මම බැන්නා තමා.... අකමැතියි කිව්වා තමා... ඒ මට ඒ දේවල් තේරුම් ගන්න කල් ගිය නිසා.... මං ඇත්තටම ආදරෙයි මහත්තයෝ... අනේහ් කියන දේ අහලා යන්න එපා...."

විහස් මගේ ෂර්ට් එක ගුලි කල්ලා අල්ලගෙන කියද්දි මගේ වචන උගුරෙම හිරවෙලා ගියා.... මෙච්චර දවස් මූණවත් බලන්නෙ නැතුව හිටිය විහස් මෙහෙම කතාවක් කියද්දි කාටද විශ්වාස කරන්න පුළුවන්....

"පිස්සු කියවලා මාව විකාර කරන්න එපා විහස්..... ඔයාට මං ගැන තියෙන්නේ අනුකම්පාවක් නැතුව වෙන මොකුත් නෙවේ.... ඔයාට ඕනේ මම ගමෙන් යන එක නවත්තන්නනේ.... හරි මං යන්නෑ... ඔය වගේ විකාර කියවලා මාව අවුල් කරන එක නවත්ත ගන්න...."

වැස්ස මැද්දේ නාගෙනම අපි කෑ ගහගත්තා.... විහස් හිටියේ ඇස් වල කඳුළු පුරවගෙන... වැස්සෙ වතුර බිංඳු එක්ක වුනත් වෙන් වෙලා පෙණුනා මට ඒ මුතු කැට කඳුළු.... තෙත බේරුණු ඇඳුම් පිටින්ම විහස් යන්න ගියේ මුකුත්ම නොකියා... කියාගන්න නොතේරුණාට කකියනවා මගේ හිත හරියට....

නෙළුම් විල Where stories live. Discover now