විසිදෙවන පරිච්ඡේදය

315 44 2
                                    

"විහස්.... නැගිටිනවා..."

මම විහස්ගේ උරහිසකට අඟිල්ලකින් ඇන්නෙමි.... මොනා හරි හොඳ දෙකක් කියන්න කටහදාගෙනම හැරුණු විහස්ගේ ඇස් දෙක කෝප්පෙකුත් අතේ තියාගෙන එහා පැත්තෙන් ඉඳගෙන ඉඳපු මාව දැකලා දොඹ ගෙඩි සයිස් වූවේය...

"මහ..ත්තයා... ගියෙ නැද්ද..?.. මං හිතුවේ... ගියා කියලා..."

"කොහෙ යන්නද... මං ගියේ කසාය එක රත් කරගෙන එන්න.... දැන් මේක ඔක්කොම බොන්න ඕනේ හරිද..."

විහස් අප්පිරියාවෙන් කෝප්පේ දිහා බලාගෙන ඉඳලා කෝප්පේ අතට අරගෙන මූණ බෙරි කරගත්තේය.... ඊට පස්සේ මගේ අත් වල ඇස් යවන ගමන් මා
දිහා බලාගෙන ඉඳියාම මම ඇයි අහන්න වගෙ ඇහි බැමි ඉස්සුවෙමි....

"කෝ සීනී නෑ...? මේක හෙන තිත්තයි අයියෝ..."

"තාම සීනි කකාද කසාය බොන්නේ... අනේ මන්දා පොඩි එවුන් වගේ..."

මම ආයෙම කුස්සියට ගිහින් සීනි බෝතලයක් උස්සගෙන ආවෙමි... ඒ පාර අරූ ගැට පිච්ච මල දිහා බලාගෙන හිනා වෙවී ඉන්නවා පිළිකන්නට වෙලා... මූට මක් වෙලාද.... නෙතුම්ට මල් සරා විදලා තියෙන්නේ හීසර වලින් නෙවේ පිච්ච මල් වලින්ද කොහෙද.... මට විද්දේ නම් නෙළුම් මල් වලින් නේ.....

"මට සතුටුයි මහත්තයා ගමෙන් නොගිය එකට...."

"හ්ම්... මම එහෙම කලේ ඉස්කෝලේ ළමයි ගැන හිතලා..."

මා කියූ විට විහස් මුණ බෙරි කරගත්තේය.... විහස් කිව්වේ ඉස්කෝලේ ළමයි ගැන හිතලවත් ඉන්න කියලානේ... මම එහෙම කලා ඉතින්..... හැබැයි.....  එහෙම කියන්නමත් බැහැ.... ඒත් මම තාමත් පිළිගන්නෑ විහස් මට ආදරෙයි කිව්ව කතාව ඇත්තට කිව්ව එකක් කියලා... මං හිතන්නේ එයා ඉන්නේ ආදරයයි අනුකම්පාවයි දෙක පටලවගෙන... මට ඕන්නෑ විහසුත් මං විඳවපු විදියටම දුක් විඳිනවා බලන්න... වැඩිහිටියා විදියට බොරුවට බලාපොරොත්තු ඇති නොවෙනෙ විදියට ඉන්න දැන ගන්න ඕනේ මම මයි...

"මහත්තයා ඔයා දැන් යන්නද හදන්නේ...."

"ඔව්... දැන් කසාය එකත් බිව්ව නිසා අඩුවෙයි.... අඩු වුන්නැත්තන් හවසට බෙහෙත් ගන්න යමු..."

"හුම්..."

විහස් හූමිටි තබන විට මා ඔහුගේ කොණ්ඩය අතරිනි ඇඟිලි තුඩු යැව්වෙමි... ඇඟිලි තුඩු පහසට දෑස් පියා ගත් ඔහු මා කාමරෙන් පිට වන තෙක්ම දෑස් නොඇරියේය....

නෙළුම් විල Where stories live. Discover now