28 කොටස

797 137 34
                                    


අද හරි ලස්සන සාමකාමි දවසක්..
මොන බොරුද ලස්සනනම් කෙසේවෙතත් සාමකාමි කියන වචනෙනම් අද අපේ ගෙදරට ගැලපෙන්නෑ...
තනිකරම මේ වෙලාවේ මුලු ගෙදරම යුද්ධ පිටියක් වගේ
මේ යුද්දෙට ඉතින් එකම හේතුව පුංචි මැණිකෙගේ ආගමනය තමා

උදෙන්ම නැගිට්ට සදෙව්තුයි මමයි කමලා නැන්දවයි මයිකල් මාමවයි කතා කරගෙන මේ හැඩි වෙලා තියෙන ගෙදර වත්ත පිටිය අස් කරනවා..අයියා ගෙදර එද්දි නවයත් පහුවෙලා මහන්සි වෙලා ආපු අයියගෙන් වැඩ ගන්න බැරි නිසා අපි මුලින්ම කරේ අයියව කාමරේ ඇතුලට දාලා දොර ලොක් කරලා යතුර ගත්ත එක නැත්තන් රෑ තිස්සේ නිදිමැරුවා කියලා නෑ පණ්ඩිතයා වගේ ඒවී ගේ අස්පස් කරන්න

ගෙදර පුරාවට මකුළු දැල් කඩපු මම එළියට ආවේ කමලා නැන්දා ඉතුරු වැඩ ටික බලාගන්නම් කිව්ව නිසා...
මම යද්දි සදෙව් බරටම වැඩ...එයා මල් පාත්ති වල තණකොළ උගුලනවා..

"ඒ ඔය තණ කොළ පාත්තයික්ද?"

ජපන් රෝස මල් වැල්වලට වඩා පාත්තිය පුරාම තණකොළ වැවිලා තිබුන නිසා මම එහෙම අහද්දි එයා මට හොදම එකෙන් රැව්වා...

"රවන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ..."

ඒ වචන ටික මම තාලෙටම කියද්දි මේකා කිසි හිතක් පපුවක් නැතිව ගැහුවා නේන්නම් මට අර උගුලපු තණ කොළ ගස්ටිකකින්..කටෙත් එක්ක පස්..

"තුහ්... කටෙත් එක්ක පස්.. ඔයා මහාම මහා නරකයි බබා.."

"ඊලග පාර මම කවනවා මේක.... කටවහගෙන ඇවිත් උගුලනවකෝ මේවා"

"හනේ... ඉතින් ඔහොම චුට්ටක් ඉවසන්නකෝ වැඩට කෙනෙක් මග එන ගමන්"

එයාගේ නළලේ ගෑවිලා තිබුන මඩ පාරක් පිහිදන ගමන් මම කියද්දි එයා මගෙ දිහා බැලුවේ ඇස් පුංචි කරලා..

"කවුද ඒ?"

"ඔයාම බලන්නකෝ... ඔන්න කියද්දිම එනවා"

එයා අහද්දි ගේට් එක ඇරෙන සද්දෙත් එක්ක හුරු පුරුදු කාර් එකක් වත්ත ඇතුලට දාද්දි මම ආඩම්බරෙන් මගේ කොලර් එක උස්ස ගත්තා..

කාර් එකෙන් බැහැලා අපි ලගට එන නිදුවා දිහා බලලා ආයෙත් ඇසුත් ලොකු කරන් එයා මගේ දිහා බලද්දි එයාට ඇහැක් ගැහුව මම කට පුරාම හිනා වෙලා ගිහින් නිදුවව බදා ගත්තා...

මා හදෙහි සිත්රු (TaeKook)Where stories live. Discover now