36 කොටස

732 122 16
                                    


අද ගෙදර කෑම මේසේ එක පුටුවක්වත් හිස් නොවුනු විශේෂ දවසක්..

අම්මයි පුතයි හදපු කෑමවලින් මේසේ පිරිලා තියෙද්දි අද රෑ කෑමට අම්මා , පොඩි හාමු ,අයියා , සදෙව් වගේම කිරුළු අයියත් එකතු වෙලා හිටියා..

අද අම්මට විශේෂ දවසක් මොකද අද තමයි අම්මගේ විවාහා සංවත්සරේ..

"මගේ මහත්තයා අද මම ලග නැති වුනත් හැමදාමත් එයා මගේ හදවතේ ඉන්නවා..ඉතින් අද වගේ විශේෂ දවසක මට ඕන වුනේ නෑ මගේ කදුලු හිදෙනකල් අඩන්න..මට ඕන ඉස්සර වගේම එයා එක්ක සමරපු විදියට අද දවස සමරන්න..ඉතින් වෙනදා මහත්තයමයි මාත් එක්ක එකතු වෙලා කෑම උයන්නේ ඒත් අද එයාගේ අඩුවට මගේ පොඩී මට උදව් කරා..මගේ ජීවිතේ මට ලග මහාලොකු පිරිසක් නෑ අම්මා ඇරුනම මගේ ජීවිතේට ලගම පිරිස තමයි ඔයාලා ඉතින් මම අද දවසේ මාත් එක්ක සතුටු වෙමු.. මම දන්නවා එයත් කොහේ හරි ඉදන් අපි දිහා බලන් සතුටු වෙනවා ඇති..."

වයින් වීදුරුවක් අතේ තියන් අම්මා කතා කරද්දි එයාගේ ඇස්වල තියෙන කදුලු ලයිට් එළියට හොදට දිලිසුනා ඒත් එයා ඒ කදුලු වැටෙන්න ඉඩ දුන්නෑ..එයා හරි පුදුම විදියේ මනුස්සයෙක්..
මම මේ ලෝකේ දැකපු හයියම හිතක් තියෙන ගැහැණියක් තමයි අම්මා..

"Happy Anniversary"

අම්මා වයින් විදුරව දික් කරද්දි අපිත් අපේ අතේ තිබුන වයින් වීදුරු ටික යන්තමට එකට හප්පලා අම්මට සුබපැතුවා

"බඩ පිරෙන්න කන්න ඕන හොදද හැමෝම.."

අම්මා පොඩි හාමුගේ පිගානට කෑම බෙදලා දීලා කියද්දි අපිත් ඉතින් බෙදාගන්න පටන් ගත්තා...නිදුවා කියනවා වගේ කෑම දිහා බලන් සිල් රකින්න හොද නෑ

"චූටි ඕවා කන්න එපා ඔයාට ඉස්සෝ ඇලජික් නේ...අයියේ ඔයාටත් මම බෙදුවේ නැත්තේ ඒකයි.."

මට අමතක වෙලා තිබ්බත් මට ඉස්සෝ ඇලජික් කියලා අම්මා ඒක මතක් කරලා දුන්න නිසා බෙදාගන්න ගත්තු ඉස්සෝ හැන්ද මම එහෙම්මම සදෙව්ගේ පිගානට බෙදුවා...

අම්මා පොඩි හාමුටත් ඉස්සෝ ඇලජික් කියද්දි ඒක එච්චරටම මට එවේලේ ගානක් නොවුනත්
පොඩි හාමු මගේ දිහා හරි අමුතු විදියට බලන් ඉද්දි එයා ලගදි නිතරම දැනෙන හැගීම ආයෙත් දැනෙන්න ගත්තු නිසා හිතට අපහසුවක් දැනෙද්දි මම දැක්කත් නොදැක්කා වගේ පොඩී හාමුගෙන් මගේ ඇස් හන්ගගත්තා...

මා හදෙහි සිත්රු (TaeKook)Where stories live. Discover now