𝑪𝑯𝑨𝑷𝑻𝑬𝑹 06~

387 54 63
                                    

සෝල් නගරයේ තවත් දවසක හිරු උදාවෙන් පරිසරයම අලුත් බවකින් පිරී ඇත... ගහකොළ අලුත් පණකින් ඉන්නවා වගේ පෙනෙන්නට ඇත...

ජියොන් මැන්ෂන් එකේ තිබුනේ සාමකාමී වාතාවරණයක්... උදේම Jungkook ඔෆිස් එකට ගියපු නිසා මැන්ෂන් එකේ ඉතිරි වුනේ වයසක කපල් එක විතරයි...

වයසක කිව්වට ඒ දෙන්නා තාම තරුණ කපල් එකක් වගේ... ඔව්... ඔව්... ඒ Num suk හා ඔහුගේ බිරිඳ Sun mi තමයි..!!

ලස්සන ලස්සන මල් වලින් හා උඩට වතුර විහිදෙන පොකුණකින් සමන්විත ජියොන් ගාඩ්න් එක ඇත්තටම දවසම වුනත් බලන් ඉන්න හිතෙන තැනක්...

එළියට වෙලා නවකතාවක් එක්ක කාර්‍යබහුල වෙලා හිටපු Num suk ගාවට ආවේ ඔහුගේ ආදරණීය බිරිඳ Sun mi.... ඇය අතෙහි කෝපි කෝප්ප දෙකක් රැදී තිබුනා...

නවකතාවේ ගිලිලා ඉන්න Num suk ට බාදාවක් වෙන්නේ නැති වෙන්න ඇය ඔහුගේ කෝපි කෝප්පය මේසය මත තැබුවා... උදේම නිසා ලාවට වගේ මීදුමක් පරිසරය පුරා පැතිරිලා තිබුනා...

සීතලට රැලි වැටිලා වගේ තියෙන අත් දෙක උණුහුම් කරන්න අතට මැදින් කෝපි කෝප්පය තියාගන්න ගමන් එකෙන් ටික ටික Sun mi බොන්න පටන් ගත්තා...

මෙච්චර වෙලා කතාවට සමවැදිලා හිටපු Num suk පොත වහන ගමන් කෝපි කෝප්පය අතට ගත්තා...

" ඇයි මට කතා කරේ නැත්තේ... "

" කතාවේ පීන පීන හිටපු නිසා ගොඩට ගත්තේ නෑ... "

විහිළුවට වගේ Sun mi නෝක්කාඩු කියන කොට Num suk මූනත් පුම්බගෙන රැව්වා... අනේ ඒ මනුස්සයාට කියන්න එයා රැව්වමත් හෙන හුරතල් විදිහට පේනවා කියලා...

" අයියෝ... අයියෝ... මගේ නාකි බබා... "

" යාහ්හ්හ් ඔයාගේ පති පරමේශ්වරට ඔහොම කියන එක හොදද මන් අහන්නේ... "

" මන් කියන්නේ මගේ පරමේශ්වරට නම් ඔයාට මොකද... ම්ම්ම්... "

විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයකට පස්සේ ගාඩ්න් එක පුරා පැතිරුනේ ඔවුන් දෙදෙනාගේ හිනා හඬ... බඩත් අල්ලන් පිස්සෝ දෙන්නෙක් වගේ හිනා වෙලා හිනා වෙලා ආයිමත් මුකුත් නොවුන ගානට කෙලින් වෙලා කෝපි කෝප්පය අතට ගත්තා...

JEON BABY~ | Taekook (complete)Where stories live. Discover now