𝑪𝑯𝑨𝑷𝑻𝑬𝑹 19~

305 39 40
                                    

ටික්...

ටික්...

ටික්...

මට ලාවට ඇස් ඇරුනා... ආහ් මන් කොහෙද මේ ඉන්නේ... මොනාද වුනේ... මගේ ඔළුව... මගේ ඇස් ආයෙමත් පිය වෙනවා වගේ... හැමතැනම කළුවරයි... මන් ඉන්න තැනට විතරක් බල්බ් එකක් දාලා... ආහ් මෙතන ෆ්‍රීස් වෙන්න වගේ සීතලයිනේ... කොහෙද මගේ ජන්කූ..?? මට ඇස් පියාගන්න ඕනි නෑ අනේ... මට ඇස් පිය වුන වෙලේ මතක කවුරු හරි මන් හිටපු තැනට ආවා...

ආහ්හ්හ්හ්...

මට කෙදිරි ගෑවුනා... මගේ ඇලිලා වගේ තිබුන ඇස් පිහාටු යන්තමින් ඇරීගෙන එනකොට කොහෙදෝ ඉදලා වතුර පාරක් මාවත් නෑ වීගෙන ගියා... ඒ වතුර පාරට සීතල වෙලා තිබුන මගේ ඇග තවත් සීතල වුනා...

" නැගිටින්න මිස්ටර් ටේයොන්ග්... "

ගෑනු කටහඩක් මගේ පිටිපස්සෙන් ඇහෙනකොට මට ලාවට සිහියක් ආවා... මගේ ඔළුව පිටිපස්ස රිදෙනවා... මගේ නහයෙනුත් ලේ ඇවිත් ඒවා මගේ නිකට දිගේ බේරිලා යනවා... මන් හිතන්නේ සිහිය නැති ටිකට මට හොදට සලකලා වගේ... හහ්...

" ඉතින් ඉතින් කොහොමද අපේ ආගන්තුක සත්කාර ටේගුකී... "

පිටිපස්සේ හිටපු ගැහැනු කෙනා මුල් ටික සාමාන්‍ය විදිහට කියාගෙන ඇවිත් අවසානෙට මන් ජන්කූගේ ඔෆිස් එකේදී පාවිච්චි කරපු නම් මට අහලා පුරුදු විදිහට කියනකොට මගේ බාගෙට ඇරිලා තිබුන ඇස් හොදට ඇරුනා... එහෙනම් මෙයත් මේ ගොල්ලන්ගේ කෙනෙක්ද... යූජි..!! කම්පැනි එකේ කැෆේ එකේ වැඩකරපු කෙල්ල... හොර බැල්මෙන් බල බලා වැඩ කරන කොට මට හිතුනා...

" මොකද මොකද මේ හිනා වෙන්නේ... "

මට ලාවට හිනාවක් ගියා... තමන්ටම කියලා තැනක්වත් නැතුව අනිත් උන්ට වහල්කම් කර කර ඉන්න මේ වගේ වේසියෝ නිසා තමයි සාදරන මිනිස්සුන්ටවත් හරියට වැඩක් කරගන්න බැරි... මන් එහෙම්ම ඔළුව නවාගෙන මට සිහිය නෑ වගේ හිටියා මෙතන මහ මොළකරු එනකන් මන් ඇක්ෂන් ගන්න එක හොද නෑ... මන් ඉන්න තැන අදුරගන්න ඕනි ඉස්සෙල්ලම..!!

මන් ළඟ හිටපු යූජි ගියාට පස්සේ මන් හතර වටේම ස්කෑන් කරේ බොඩිගාඩ් කෙනෙක්වත් ඉන්නවද කියලා හොයාගන්න... නෑ පේන්න එහෙම කෙනෙක් නෑ... ඒත් දොර ළඟ ඇති... මන් ඉස්සරහා දොරේ තියෙන ලාවට වගේ පේන දුඹුරු පාට වුන පෝස්ටර් එක කියවන්න ගත්තා...

JEON BABY~ | Taekook (complete)Where stories live. Discover now