14. That son of a bitch

164 48 14
                                    

Memo
.
.
.
.
.
.

ජිමින් හිටියේ එයාගේ අපාට්මන්ට් එකේ ලිවින් රූම් එකේ එහාට මෙහාට ඇවිදින ගමන්. එයාගේ තුවාල උනු අත බැන්ඩේජ් කරලා තිබුනේ. ඇදගෙන හිටපු ස්ලීව්ලස් ටී එක නිසා ජිමින්ගේ අත්ගොබ හොදින් නිරාවරණය වෙලා පෙනුනා. එයාගේ මුණෙන් පෙන්න තිබුනේ හරි හමන් නින්දක් නොලැබුන නිසා ඇති වුන පෙනුමක්.. ඒක කලබලකාරි ආතතියෙන් පිරැනු පෙනුමක්. ඒ එක්කම අපාට්මන්ට් එකේ ඩෝ එක ඕපන් වෙන සද්දේ ඇහෙද්දි ජිමින් ඉක්මනින් ඒ දිහා බැලුවා.

" ඇඩම්...කොහෙ..ද කයිලි...? එයා හොදින් නේද... කොහෙද එයා...? "

" සර්.. මේ ඔයාගේ බ්‍රෙක්ෆස්ට් එක මම ගෙනවා.. මැම් මේන් හවුස් එකේ ඉන්නේ.. වගේම එයා හොදින්.."

" ඊයේ රෑ මට හරියට එයාව බලන්නවත් බැරි උනා.. එයාට තුවාල වේලා නෑනේ.. ඇයි එයා මාව බලන්න ආවේ නැත්තේ තාම... කවුද ඒ ආව මිනිහා.. කවුද ලියෝ කියන්නේ...? එයාලා මැරි කරන්නද ඉන්නේ.. මැරි කරනවා නම් තමුන්ගේ මෑම් මොකද මගේ පස්සෙන් ඇවිත් මට කරදර කලේ.. මට මේවට උත්තරයක් දෙනවා.. මුලු රෑම මේවා කල්පනා කරලා මට නින්ද ගියෙත් නෑ.. නිදාගන්න හැදුවත්.. ඒවට උත්තර දන්නැති නිසා නින්ද යන්නැ...!!! "

ජිමින් ඇඩම් ගාවට ඇවිත් අහද්දි කෑම පාර්සල් ටික අතේ තියන් හිටපු ඇඩම් ලොකු හුස්මක් පහත දැම්මා.

" සර්.. ප්ලීස්.. එක පාර එක ප්‍රශ්නයක් අහන්න බැරි..ද..? "

ඇඩම් අමාරැවෙන් හිනාවක් මවාගෙන අහද්දි ජිමින් උරහිස් අකුලවගෙන ඇඩම් දිහා බැලුවා.

" හරි.. මුලින්ම කියන්න.. කයිලිට.. ඔයාගේ මෑම්ට තුවාල වුනේ නැහැ නේ..? "

" නෑ... සර්.. "

" ඊළඟට කවුද ඒ..? කවුද ලියො.. අර ඇග පුරාම ටැටුස් දාගෙන හිටපු නරැමයා..? "

" ඒ ලියෝ මැකෙන්සි.."

" මට උගේ නමින් වැඩක් නෑ.. ඌ කයිලිගේ කවුද.. මොකක්ද අර මැරේජ් කතාව...? "

" ස⁣ර්... ලියෝ කියන්නේ අපේ ගැන්ග් එකට රයිවල් ගැන්ග් ඩොන්ගේ සන්.. ලියෝ මැකෙන්සි.. ඩොන් රෙනි මැකෙන්සිගේ පුතා.. මැකෝ ගැන්ග් එකයි අපේ කැෆෝ ගැන්ග් එකයි කවදාවත් එක ළඟ තියන්නවත් බැරි දෙයක්.. එතකොට ගැන්ග් දෙකේ ⁣ඒයර්ස්ලා අතර මැරේජ් එකක් කියන්නෙත් කවදාවත් වෙන්න බැරි දෙයක්.. "

MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now