17. Lost, Lonely & Alone

180 47 17
                                    


Present
.
.
.
.
.



මිසුරිවල කන්සාස් සිටි එකම තිබුනේ හිමෙන් යටවෙලා. සාමාන්‍යයෙන් මිසුරිවල වින්ටර් සීසන් එක කියන්නේ ටිකක් අවධානම් තත්වයක් එක්ක තියන අධික සීතලක් දැනෙන කාලයක්. වින්ටර් සීසන් එකේදි අනිවාර්යයෙන්ම හිම කුනාටු දෙක තුනක් මිසුරිවලට කඩාපාත් වෙනවා. මේ මොහොත වෙද්දිත් මිසුරිවලට තරමක් සැලකියුතු තරමින් හිම වැටෙන ගමන් තිබුනේ.

ජිමින් හිටියේ කන්සාස් සිටිවල කැෆෝලට අයිති අතඇරලා දාපු වෙයාහවුස් එකක. කලු පාට ලෙදර් කලිසමකට කලු පාටම හුඩි එකක් අදලා හිටපු ජිමින් එයාගේ ඔලුව හුඩි එකෙන් කවර් කරගෙන හිටියේ. මාස ගාණකින් පාවිච්චි නොවුන වෙයාහවුස් එකේ බිත්ති ජරාවෙලා තිබුනා වගේම පොඩි පොඩි සත්තු එක්ක එතන අවුල් වෙලයි තිබුනේ. හිස් පෙට්ටි.. යකඩ ගොඩවල්.. පාවිච්චි කරලා අයින් කරපු වෙපන්ස්... වගේ දේවල් වලින් වෙයාහවුස් එක පිරිලා තිබුනේ. යාඩ් එකටත් ඒ දේම සිද්ධවෙලා තිබුනත් හැමතැනම හිමෙන් වැහිලා තිබුන නිසා ඒක ඒතරම් කැපිලා පෙනුනේ නැහැ.

වෙයාහවුස් එකට ඇතුල් වෙන ගල් පඩියක වාඩිවෙලා හිටපු ජිමින්ගේ ඇස් නැවතිලා තිබුනේ වෙයාහවුස් මායිමේ හිම ගොඩ මැද්දෙන් එහා මෙහා යන කලු පාට ලොම් ගුලියකට. එයාගේ අතේ තිබුන සිගරට් එකෙන් උගුරැ කිහිපයක් අරගෙන එළියට දුම් පිට කරපු ජිමින් පොඩි වුන සිගරට් එක හිම උඩට අතඇරියා.


" ලුක් ලයික්ස් හී ඊස් ස්ට්‍රගලින්.."


" ලෙට් මී හෙල්ප් යු..."



පියවර කිහිපයකින් ඒ කලු පාට ලොම් ගුලිය ගාවට කිට්ටුවුන ජිමින් හිමේ හිරවෙලා ආමාරැවෙන් ඇවිද ඇවිද හිටපු කලු පාට බළල් තඩියව එයාගේ එක අතකින් උස්සලා ගත්තා. බළල් තඩියා ටිකක් පුරු පුරු ගාලා කෙදිරි ගාද්දි ජිමින් ඒ කලු පාට ලොම් ගුලිය දිහා අවධානෙන් බැලුවා. එයාට තිබුනේ අල් පාට තියුණු ඇස් යුගළක්.

" මොකද.. බොරැවට කෑ ගහන්නේ.. මම මේ ඔහේට උදව් කරනවා.. බළල් තඩියෝ.."

රවාගෙන වගේ කියපු ජිමින් බළල් තඩියා දගලන නිසා ඌව එයාට ළං කරගෙන අත් දෙකෙන්ම අල්ලගත්තා. බළලවත් අරගෙන පඩි දිහාවට ආව ජිමින් ඌවත් පඩියකින් තියලා ආපහු ඉදගත්තා. බළලගේ අලු පාට ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජිමින් හිස්වෙලා හිමෙන් වැහිලා තිබුන වෙයාහවුස් යාඩ් එක දිහා බලන් හිටියා. හිම වැටෙන එක ඇරෙන්න කිසිම දෙයක් තියා සද්දයක්වත් එතනින් පිටවුනේ නැහැ. ජිමින්ගේ ඉහළ පහළ යන හුස්ම රැලි හිම නිසා උණුසුමට කැපිලා පෙනුනා.

MADNESS LIES IN LOVE || PJM || COMPLETEDDonde viven las historias. Descúbrelo ahora