Chapter 03

57 12 0
                                    

........

  ඔයාට තෝර ගන්න අවස්ථා දෙකක් මං දෙන්නම්.. ඔයාට එකයි තෝර ගන්න පුලුවන් ඒ නිස හොදට හිතලා බලලා මේකට මට උත්තරේ දෙන්න..

මොකද්ද...

එක .. ඔයා අපි එක්ක කන්ට්‍රැක් එක සයින් කරන්න.. හැබැයි ඔය දරුවා අපි හදා ගන්න වෙන කෙනෙක්ට දෙමු.. ඒක රහසක් විදිහට තියා ගන්න මං බලන්නම්.. දෙක නැත්තම් අපි ඔයා එක්ක තියෙන මේ කන්ට්‍රැක් එක අලුත් නොකර මෙතනින් ඉවරයක් කරමු...

  මිස්ටර් පාර්ක්..

  ජන්ග්කුක් .. ඔය දරුවා ඔයාගෙ නෙවෙයි නේ...
ඩි එන් ඒ ටෙස්ට් එකෙ දි වැරැද්දක් වෙන්න ඇති.. ඉතිං ඔය දරුවව අපි අයින් කරලා ආයෙම මේ දෙවල් තිබ්බ තත්වෙට ගමු.. කොහොමත් ඔය ළමයා ගෙ..

  කට වහගන්න පාර්ක් ජි වොන්..

ජන්ග්කුක් ..

  ඔව්.. මං ජන්ග්කුක් තමයි .. මේ ඉන්නෙ මගෙ දරුවා... මට මෙයාව කාටවත් දෙන්නවත් මේ කම්පැණි එක එක්ක තව දුරට වැඩ කරන්නවත් වුවමනාවක් නෑ..

ජන්ග්කුක් තමුන් පසුතැවෙයි.. අවුරුදු ගානක මහන්සිය මේ ළමයෙක් නිසා නැති කර ගන්න මෝඩ වෙන්න එපා..

  මෝඩ.. මෝඩ මං නෙවෙයි.. මට අවුරුදු ගානක මහන්සිය වගෙ ම මේ දරුවත් වටිනවා.. මනුස්සකම නැති මනුස්සයෙක් ළඟ මේ තරම් කාලයක් ඉදියෙ කියලා දන්නව නම් මං මෙතනින් ගිහින්  ගොඩක් කල් පාර්ක් ජි වොන්..

ජන්ග්කුක් තමුන් කතා කරන්නෙ කාට ද දන්නව ද..

  ඔව්.. හොදට දන්නවා.. කිසිම තෝරා ගැනිමක් ඔනි නෑ.. මගෙයි මේ කම්පැණි එකයි අතර ආයෙ කිසිම සම්බන්ධයක් නෑ.. මං ජින් ඒ අරන් එළියට එනවත් එක්ක ම පාර්ක්..

  තමුසෙට විදවන්න වෙයි.. කියනවා මට ලාවට ඇහුනත් දරුවා මං ළඟ ඉදියෙ නැත්තම් මං මේ වෙද්දි ඒක ව මරලා.. මේ වගෙ දරුවෙක් දිහා බලන් එහෙම කියන්නෙ කොහොමද ..

  ජන්ග්කුකා.. ටේහ්‍යුන් මං ළගට හිනා වෙලා එන ගමන් කියද්දි මං ලාවට හිනා වුණා..

  ජින් ඒ.. ඔයා සම්චොන් බලන්න ද ආවේ.. ආහ්.. ටේහ්‍යුන් ජින් ඒ ව හුරතල් කරන ගමන් කිව්වා...

She Is My Treasure ( Complete )Where stories live. Discover now