Chapter 04

56 11 0
                                    

........

  අප්පා.. එන්නකූ... මේ ඔයා ඉන්නවා..

  මං.. මං ටිවි එක දිහා බලන් කියද්දි ජිමින් හ්‍යු හිනා වෙන්න ගත්තේ කාටුන් එකෙ ඉන්න හාවා දිහයි මං දිහයි බලලා.. මං හ්‍යුන්ට රවලා කිචන් එක පැත්තට යන්න හදනවත් එක්ක ම බෙල් එක වැදුන නිසා මං දොර ළගට ගියා..

අන්‍යොන් ජන්ග්කුකී..

ඔ..ඔයා..

  හ්ම්.. මං කිව්ව නෙ ඉක්මනට ම එන්නම් කියලා.. එයා කියනවත් එක්ක ම සතුට වැඩිකමට මං එයාව බදා ගත්තා.. මගෙ හ්‍යුන් ට පස්සෙ මගෙ ජිවිතෙ මට සතුටට දුකට ඉදපු එක ම කෙනා..

  ඔම්මා.... ජින් ඒ හිනා වෙලා කියන ගමන් ඒ පැත්තට දුවන් එද්දි ජිමින් හ්‍යුන්..

  ආ කෙල්ලට අපි ව මතක් වෙලා තියෙන්නේ..

  මතක් වුණා ඉතිං.. කෝ බලන්න මගෙ චූටි කෙල්ල ආහ්... ලොකු වෙලා නෙහ්..

  දේ මං ලුකුයි..

  අනේ ලුකුයි ද.. ඒත් මේ නහය තාම චූටි නේ.. අප්පගෙ වගෙ ලොකු වෙලා නෑනේ..

  හලි ඒවා තව කල් ගීම ලොකු වෙන්නෙ කීවා අප්පා..

  චිංචා.. ඔයා අප්පා බොරු කියන්නේ.. ඔයාට තියෙන්නෙ චූටි නහයක් මගෙ වගෙ..

  අයියූ.. අප්පත තලා යයි..

  කවුද අනේ ඔයාගෙ අප්පට බය.. අහ්..

  මොකද්ද දැන් කියන්නේ ඒරා..
 
  ඇත්ත කිව්වේ..

  ඇතුළට එන්න දොර ළඟ ඉන්නෙ කට්ටිය.. ජිමින්  හ්‍යුන් කියද්දි ඒරා ජින් ඒ ව වඩාගෙන ඇතුළට ගියා..

  ඒරා.. හන් ඒරා.. මගෙ චූටි කාලේ ඉදන් යාලුවා.. මං මෙහෙ කියලා දන්නෙ එයාම විතරයි.. කොහොම හොයා ගත්ත ද මං දන්නෙ නෑ.. ඒත් මං එහෙන් ආවට පස්සෙ මාව හොයාගෙන මෙහෙ ආවා.. ජින් ඒ අසනීප වෙලා මට කිසිම දෙයක් කර ගන්න තෙරෙන්නෙ නැති වෙනකොට හැමදාම වගෙ මගෙ උදව්වට එන අනිත් එන්ජල් තමයි එයා..

  අවුරුදු දෙකකට විතර සැරයක් කොරියාවට ආව ම අපි දෙන්නා බලලා යන්න එනවා.. ජිමින් හ්‍යුන් එයාව හොදට දන්නවා.. ජින් ඒ ට ඔම්මා අප්පා දෙන්න ම වුණ මම ඇරුණ ම එයා ඔම්මා කිව්වෙ ඒරා ට.. ඒරා එක්ක ඉන්නකොට ඒ මූණේ තියෙන හිනාව මගෙත් එක්ක ඉන්නවටත් වඩා වැඩි ද කියලා හිතෙන කොට මට ඊරිසියයි..

She Is My Treasure ( Complete )Where stories live. Discover now