උරැමක්කාරයා - 15

951 136 0
                                    

රන්වීර්ගේ දවස් ගත වෙන්නෙ අමුතුම බලාපොරොත්තු ගොඩකින් කියල ඔහුට දැනුණ. ඒ අතරම බය තිබුණෙ වගීශට මොනව හරි වෙයි කියල.

        "ඒ සුපුන අපිට බැරි වෙයි ද බං පොලිසියට නිර්නාමික ව ලියුමක් යවන්න?"

       "ම්ම්ම් නරකමත් නෑ අදහස, ඒත් කොහොම කියලද ?. මනුස්සයෙක් හිර කරගෙන කියල නං කියන්න එපා පුතෝ.ඔය ගෙදර උන්නෙ අහු වෙන්නෙ.ඉතිං උබත් අනිව සැක කරනව."

        "ම්ම්ම් ...... කුඩු විකුණන ව කියල වගේ එකක් කිව්වොත් ගෙදර චෙක් කරයිද?"

       " නරකම නෑ.අතේ පත්තු වුණොත් තමයි කේස්."

        "මොනව හරි කරන්න වෙනව බං. ඒහැටි දවසක් බලන් ඉන්න බැරි වෙයි."

           "අනේ මන්ද උබත් ඉදල ඉදල බෝඩිමක් හොයා ගත්ත."

           සුපුන් එහෙම කිව්වට රන්වීර්ට පසුතැවීමක් නොවුණෙ දැන් ඔහු කැමතිම තැන තියෙන්නෙ ඒ ගෙදර හින්ද.

       එදා එද්දිත් ඔහු පුරැදු විදියටම ආවෙ කෑම එකක් අරගෙන.

           වෙනද වගේම වෙලාව බලල අදුරැ කුටියට යද්දි වගීශ බර කල්පනාවක හිටිය. කෑම එක කවල රන්වීර් වෙනද වගේ ප්‍රශ්න නොඅහම හිටියෙ ආයෙත් ඒ හිත රිදවන්න තියන අකමැත්තට.එද්දි ගෙනාපු තුවාල ක්‍රීම් එක ඒ තුවාල වුණු නලලෙ ,තොල්වල ගාද්දි ඔහු  තහවුරැ කර ගත්ත ඒව තාම පැසවල නෑ කියල.

               වගීශ සුපුරුදු විදියට පැදුරෙ ඇල වුණා. ඔහු හිතුවෙ රන්වීර් ආපහු යයි කියල වුණත් රන්වීර් ඔහු ලගින් ම ඇලවුණේ පැදුරයි ටයිල් එකයි අතර.ඒ වැඩි ඉඩක වගීශ නිදාගෙන හිටිය හින්ද.

        රන්වීර් පාන්දර තුනට බෙල් එක තියෙද්දි වෙලාව රෑ දොලහහමාරයි.ඔහුට ඕන වුණා තමන්ගෙ හදවතට දැනෙන තැන තව ටිකක්  රැදෙන්න. දෙන්නම දෙපැත්ත හැරිල සද්ද නැතුවම නිදාගත්ත.

          රෑ මැද රන්වීර්ට ඇහැරැණේ දම්වැල එහෙමෙහෙ වෙන සද්දයක් එක්ක. ඔහු අනෙක් පැත්තට ඔලුව හරවල බැලුව.වගීශ හිටියෙ බිත්තිය පැත්තට හැරිල. ඔහුගෙ අත යටි කය පෙදෙසින් ඒ මේ අත යනව කියල ඒ අන්ධකාරයෙ වුණත් රන්වීර්ට තේරුණා.

උරැමක්කාරයාWhere stories live. Discover now