chapter 06

29 6 6
                                    

ඊයේ අයියගෙන් බැනුම් අහලා අහලා හොද සනීපෙට නිදා ගෙන උන්න මම නැගිට්ටෙ ඔලුව පොලවෙ ගහලා වගේ බරක් දැනෙද්දි .. හම්මා කියන්න සනීපයි මට හෙම්බිරිස්සාව...

"ඒයි... නෙතූ ..නැගිටපං..
නැගිටලා මේ කොත්තමල්ලි ඒක බීපං ..

යසී මගෙ පස්සට එකක් ගහලා කියද්දි මම ශීට් එකෙන් ඔලුව වහ ගත්තා...

"ඊක්කා යසී.. මට එපා ..

"එපා කියලා හරියනවද ?? මදන විසේ ගහලා අතරමං වෙලා වැස්සෙ රෝමියෝ වගේ තෙමිලා ඔය හදාගෙන තියෙන ඇටි කෙහෙලෙ හින්දා බොට නටන්න නෙවේ වෙන්නෙ පැත්තක ඉදන් හොටු හූරන්න .. මගෙ යකා අවුස්සන නැතුව මේක බීපං නෙතූ ..

අපේ අප්පේ පීලී පැන්න කෝච්චිය වගේ යසිරුවා කෑ ගහද්දි මම හිමීට නැගිට්ටා .. කොත්තමල්ලි හොදයි මුගෙ කතා අහනවට වඩා .. රෙද්ද ..

"ම්හ් බීපං.. මට කෝප්පෙ අරන් යන්න ..

ඉදකින් මූ බලන් ඉන්නවනෙ .. නහයත් වහන් මම ඉක්මනට කොත්තමල්ලි එක බිව්වා ..

ඊක්කා... තී...ත්තයි ....

"ආ ගනින් ...

අරූට රවලා පීරීසියෙ තිබ්බ කිරිටොෆි කෑල්ල කටට දා ගත්ත මම ඇදට වැටුනා ...

"මගෙ ෆෝන් එක කෝ ...

"සාලේ චාචර් එකට දාලා .... ඕනනම් ගිහින් ගනින් ..

යකෝහ් ඒකහ්... මටත් ගස්සන් මූ කාමරෙන් ගියේ ජෙට් එක වගේ .. කාටද මේ ලොකුකම් දාන්නෙ...
කල්පනාවෙන් කල්පනාවෙන් මම සාලෙට ඇවිත් බලද්දි දෙයියො ... වෙලාව දෙකත් පහු වෙලා .. මේ හු... යකෝ උදේට කන්නත් ඇහැරෙව්වෙ නෑ .. බල්ලෙක් මහ ...

"යසී....   කන්න දීපාආආආආආආන් ...

මම කෑ ගහන් කුස්සිය ගියා ... ඊව් ලැජ්ජාව බාල්දියෙන් එකයි .. අදුනන්නෙ නැති ගෑනු තුන් හතර දෙනෙක් එක්කම නැන්දා හිටියා .. නම්කිල දෙන්නෙකුත් හිටියා ..
ඊව් නෙතූ... ඊව් .. හොද වැඩේ උබට ...

"ආහ් .. මේ නෙතූ පුතා ඇහැරලා ඉන්නෙ ... උදේට කන්න නැගිට්ටෙත් නෑ .. අපේ යසිරු පුතා ඇහැරවන්න එපා කිව්ව නිසා මම ඇහැරෙව්වෙත් නෑ .. පුතාට කන්න දවල් කෑම මේසේ ඇරලා තියෙන්නෙ .. යාළුවොත් කාලා නෑ මගෙ හිතේ ගිහින් කන්න ...

වස්සානය ....Where stories live. Discover now