chapter 11

12 5 6
                                    

කාලය යනවා දවස් සති මාස අවුරුදු.. හරි ඉක්මනට ගෙවෙනවා .. අපි ඉස්සරහට ගියත් නැතත් කාලය නවත්තන්න තාමත් අපිට බෑ .. ඉතින් සුදානමින් හරි නැතුව හරි අපි ඉස්සරහට යනවා .. දවසින් දවස ..
ගෙවුන දවස් සාමාන්‍ය වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. කොහොම වුනත් මේ ගෙවෙන්නේ ගොඩක් කාර්යබහුල දවස් ..  විශේෂයෙන්ම නුවර දළදා පෙරහැරට ලක ලෑස්ති වෙන අපිට ..
හරියටම හෙට කප් සිටුවනවා..
ඉතින් දළදා මාළිගාව හරි කාර්යබහුලයි.. භක්තිමත් බෞද්ධයෙකු වෙන්න පුළුවන්.. ජීවිතේ වාසනාවටම විතරක් ලැබුනා කියන්න හිතන්න පුළුවන් මේ සිංහල බෞද්ධ කම හරි ආඩම්භරෙන් පෙන්නන ඒ උත්සවේ .. ඇසල මහා පෙරහැර...හැමෝම හරි හරියට ලක ලෑස්ති වෙනවා .. ඉතින් සෙන්කඩගලට මේ අවුරුදු වගේ කාලයක් ...

"ආයුෂ්.. ආයුෂ් ..  කප කපන තැනට යනවද ?? ආහ් ...

පසිදු අහද්දි මම පත්තිනි දේවාලෙ ගාව ඉදන් දළදා මාළිගාවට පැත්තට හැරුනා...

"හම් .. ඔව් .. හෙට පාන්දරනෙ .. යමු ... කොහෙද සෙනුක...

මම අහද්දි පසිදු ෆෝන් එක අතට ගත්තා ...

"සෙනුක මීඩියා රූම් එකට ගිහින් එන්නම් කිව්වා .. ඌත් ඉන්නවනේ විස්තර වලට මේ පාර මීඩියා වලට ..
අපි ඉක්මනට කන්දේ විහාරෙට ගිහින් එනගමන් වලව්වටත් ගොඩ වෙලා ලොකු නිලමේ තුමාගේ වලව්වට යමු නේද ???

"හම් හරි...

මම ඩිෆෙන්ඩර් එකේ යතුර පසිදුවට පාස් කරලා ගේට් එකෙන් එලියට ආවා ..සූ ගාලා මිනිස්සු .. සතියේ දවස් කියලා නෑ .. මාළිගාවට  සෙනග එනවා.. එකට හරි හමන් වෙලාවක් කාලයක් නෑ ...

සුදු සරමෙ තිබ්බ පොඩි රැල්ලක් අතින් හදාන මමත් පැසේන්ජර් ශීට් එකෙන් ඉද ගත්තා ..

_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_

Nethu pov

අනිද්දයින් පෙරහැර පටන් ගන්නවා .. හෙට කප් සිටුවනවා .. අද විතරයි අන්තිමට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්.. ලමයිව මේ තරම් මහන්සි කරන්න හොද නෑ ... පෙරහැර දවස් දහයක් .. හොද හුස්මක් අරන් මම ඉදන් හිටිය තැනින් නැගිට්ටා...

" ලමයි ... ඔයාලා හැමෝම දන්නවනේ .. අද තමා අපි අන්තිමටම පුරුදු පුහුණු වෙන දවස.. ඔයාලා මේ හොදටම දන්න කලාවක් ..ඉතින් අමාරු නෑ .. හැබැයි අපි අතින් අඩුපාඩු වෙන්න තියන්න බෑ.... අකැප දේවල් කරන්න එපා .. මේ ටික දවසත් පරිස්සමින් පේ වෙලා මේ වැඩ කටයුතු අහවර කරමු .. මහන්සි .. අමාරුයි .. ඒත් මේ අපිට තියෙන වගකීම.. අපේ කලාවේ ශක්තිය .. දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් කිසිම කෙනෙකුට අනතුරක් වෙන්න එපා කියලා මම පාර්ථනා කරනවා...
තව ටිකකින් මම ප්‍රැක්ටිස් නතර කරනවා ..ඔයාලා හොස්ටල් එකට ගිහින් හොදට රෙස්ට් කරන්න ..
හෙට මාලිගාවට එන අය එන්න .. මම පුළුවන් වුනොත් එන්නම් මොකද අපේ ඇදුම් ටික ගන්න මම යන්න ඕන.. හවස හරියටම කට්ටියව ගන්න වෑන් එකක් එයි .. ඒකෙන් පන්සලට එන්න ලමයි .. අපි ඇදුම් ටික ඇදලා බලලා තව අඩුපාඩුවක් තියේ නම් හදලා ඇදුම් ඇදලම තව පාරක් ප්‍රැක්ටිස් වෙමු .. හරිද ...
මිහින්ස, තේමිය .. පුතාලා දෙන්නා මේ පාරනෙ පෙරහැරට නටන්න එකතු වෙන්නෙ අලුතෙන් නේද ..

වස්සානය ....Tempat cerita menjadi hidup. Temukan sekarang