41 වන කොටස

69 12 0
                                    

කතාවක් අහලා ඇතිනේ යාලුවෝ එක්ක එකට එකතු වෙලා බලන හොල්මං ෆිල්ම් එක කොමඩි ෂෝ එකක් වෙලා අම්මලා තාත්තලා එක්ක බලන සාමාන්‍ය ටෙලි නාට්ටි එහෙම හොල්මං ජවනිකා බවට පරිවර්තනය වෙන සංසිද්ධිය.... දැන් මෙතන වෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්ම තමයි..... බය වෙලා කෑ ගහන්න වටින ෆිල්ම් එකක් ටීවී ස්ක්‍රීන් එකේ ප්ලේ වෙනකොට අපි කට්ටියම කරේ අමු සත්තු ටිකක් වගේ ෆිල්ම් එකේ හිටපු හොල්මන් අක්කගෙ ඇද කුද ටික හොය හොය මෙතන කැකිරි පලපු එක....

" අඩෝ අඩෝ අර බලපං බං..මේ අක්කා යටට මුකුත් ඇදලා නෑ ඕයී...."

" හරි බං ඒ අක්කා මැරෙන්න ඇත්තේ රෑ නිදාගෙන ඉන්නකොට වෙන්නැති...දැන් තෝ රෑට නිදාගන්නකොට යටට ජොකා අදිනවද අහ්... නෑනේ.........."

" ඒ අර බලපං දෝණියෝ... හයියෝ නාගසලං වගේ බං..."

" අනේ පින් සිද්ද වෙයි අයියේ.... මගේ හක්ක නිකං දැන් නෑ වගේ ඕයී.... ඔහොම හිනා ගස්සන්න එපා බං...."

" ඉතිං බං නාගසලං වගේ අර දෙක පැද්දෙනකොට නොබලා ඉන්නෙ කොහොමද කියපංකො මල්ලේ........"

අපි කට්ටියම හිටියේ කාමරේ ඇඳ ගාවින් බිම වාඩි වෙලා... හතර වටෙන් එලිය වැටෙන්න හදලා තිබුණු ජනෙල් ටික වහලා දාලා කර්ටන්ස් වලින් කවර් කරාට පස්සේ මේකත් ඉතිං ආයේ මිනි ෆිල්ම් හෝල් එකක් වගේ තමයි.....

" ඒ ඔය මයියොක්කා පිගාන මෙහාට දීපං මයෙ අම්මා..."

" එහෙනම් මට ඔය පොරි පැකට් එක දීපං...."

" අනේ මන්දා මුන්ට පගාව දෙන්නැතුව දැන් කිසිම වැඩක් කරගන්න බෑනේ දෝණියේ......"

" එහෙම තමයි දැන් වාසියක් නැතුව මුකුත් කරන්න බෑ....."

" ඉදා බොගේ කෝන් එක....මේ ඒක නෙවෙයි මහිමයා...."

" ම්ම්......"

" අපි ට්‍රිප් එකක් යමුද බං ......"

"යං......"

" කවද්ද....."

ලක්ෂාන් අයියා ට්‍රිප් එකක් යමුද කියලා මහිම අයියගෙන් ඇහුවම එයා දීපු උත්තරේ හින්දා මමයි නවෝදුයි එකම වතාවෙදි ඇහුවේ එකම එක ප්‍රශ්නයක් විතරයි... ඒ ට්‍රිප් එක යන්නෙ කවදද කියන එක.......

~හීන~[ONGOING]Where stories live. Discover now