83 වන කොටස

58 9 16
                                    

මෙච්චර වෙලාම මෙතන ඌරු පැටව් ටිකක් වගේ ගිලලා ගිලලා අන්තිමට අපි ගෙවල් වලට පිටත් වෙලා යන්න ඕනෙ කියලා ලෑස්ති වුනා....රිතික අයියයි ෂාන් අයියයි අද කෙලින්ම ෂාන් අයියලගෙ ගෙදර යනවලු...හයියූ අද මුන් දෙන්නගෙ ඇනවසරි නයිට් එක අස්සෙ මොනවා වෙයිද කියලා හිතනකොටත් මගේ බඩ ඇතුලෙ සමනල්ලු රෑන් රෑන් පියාඹන්න පටං ගන්නවා සාන්ත.... ආරංචි විදියට නම් අද උන්ගේ ගෙදර කවුරුවත් ඇත්තෙත් නෑලු....අර කන්න කෑම ඕඩර් කරන්න ගියපු වෙලාවෙ ෂාන් අයියයි මහිම අයියයි අතුරුදහන් වෙලා ඉදලා තියෙන්නේ උන් දෙන්නා මෝල් එකෙන් එලියට ගියපු හින්දා කියලා මට මහිම අයියා කිව්වා.... ඒක මේ අද රෑට රිතික අයියට දෙන්න තියෙන පොඩි සර්ප්‍රයිස් එකකට අවෂ්‍ය කරන අඩුම කුඩුම වගයක් ලෑස්ති කරගන්න කියලා ගියපු ගමනක්...ලොකු ලොකු දේවල් නම් නෙවෙයි....ෂාන් අයියා ඕඩර් කරලා තිබුනෙ වයිට් ඕකිඩ් මල් බොකේ එකකුයි රිතික අයියගෙ ආසම ෆ්ලේවර් එක වෙච්ච රෙඩ් වෙල්වට් කේක් එකකුයි....ඔය සුකුරුත්තං ටික කරගෙන එනකං රිතික අයියව තනියම තියන්න බැරි හින්දා තමයි තනියට අපේ නවෝද්ව එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ....අපි කස්ටියටම ඔය සීන් එක සම්බන්ධයෙන් හොදට දැනුවත් වුනාට මොකද රිතික අයියා නම් ඔය ගැන හාන්කවිසියක්වත් දන්නෙ නෑ......මතක් වෙනකොටත් ආසාවෙ සන්තෝසෙ බෑ අනේ....... එයාලා දෙන්නා දැන් ලොකු ලමයි දෙන්නෙක්.......

" රෙහාන්...."

" ම්ම්......"

" නන්දා අම්මා කාලද දන්නෑ නේද.බං....."

මෙච්චර වෙලාම 18+ මනෝ ලෝකයක් අස්සෙ රවුම් ගහපු මං අයියා අහපු කතාවත් එක්කම ආපහු පියවි ලෝකෙට එන්න ආවා...ඇත්තටම මට මේ මනුස්සයා ගැන වෙලාවකට හරි පුදුමත් හිතෙනවා.... කොච්චර කොහොම මොන දෙයක් සිද්ද වුනත් මගේ කොල්ලට තියෙන්නේ හරිම අහිංසක ඒ වගේම හුගක් ලස්සන හදවතක්.....එහෙම නැති වුනා නම්  තමන්ගේ නොවෙච්ච පිට මනුස්සයෙක් වෙනුවෙන් කාටද මේ විදියට වද වෙන්න පුලුවන් කමක් තියෙන්නේ නේද.....

" මං නන්දා අම්මට කෝල් එකක් දීලා බැලුවා අයියෙ...එයා කාලා බෙහෙත් ටිකත් බිව්වලු......."

" ම්ම්......"

"යමු නේද මහිමයා......."

" යං......."





~හීන~[ONGOING]Where stories live. Discover now