84 වන කොටස

88 9 20
                                    

තමුන්ගේ ජීවිත කාලේ ඇතුලෙදි ඕනම කොල්ලෙක් මවන ලස්සන එක හීනයක් තියෙනවා.....ඒ තමයි තමුන් ආදරේ කරන ගෑනු ලමයත් එක්ක තමුන්ගේ බයික් එකේ දුර ගමනක් යන්න හීන මවන එක.......හීතල හුලග වැදි වැදි තමුන්ගේ ආදර වන්තිය එක්ක දුර ගමනක් යන්න තියෙනවනම් මොන කොල්ලද ඒකට පස්ස ගහන්නෙ..... තමුන් ආදරේ කරන කෙල්ල තමුන්ගේ පිටට හේත්තු වෙලා ඉන්නකොට ඒකිගෙ පපුවෙන් දැනෙන උනුහුම....හුලගට එහා මෙහා යන කෙහෙ රැලි දිහා හොරාවට සයිඩ් කන්නාඩියෙන් බලනකොට දැනෙන " ඒකී මගේ නේද " කියන ඒ සුන්දර හැගීම විදගන්න මොන කොල්ලද දෙයියනේ අකමැති......නොකිව්වට මාත් ඔය හීනෙම ඉෂ්ට වෙනකං බලාගෙන හිටපු තවත් එක කොල්ලෙක් කියලා කිව්වොත් මිනිස්සු ඒ කතාව විශ්වාස කරාවිද.....ඔව් උන්ට ඒක පිලි ගන්නම සිද්ද වෙනවා......තවත් පිරිමි හදවතකට ආදරේ කරන්න තීරණය කරාට මොකද මාත් කොල්ලෙක්....මාත් පිරිමියෙක්......ඉතිං ඔය හීනේට මාත් වෙනසක් නැතුවම එදා අයිතිවාසිකම් කියන්න උත්සාහ කෙරුවා.....

ඒත් නොහිතපු වෙලාවක මගේ ජීවිතේට ගොඩ වෙච්ච තවත් එක පිරිමියෙක් ඒ හැම හීනයක්ම මගෙන් උදුර ගත්තා කියලා මං කිව්වොත්.....නෑ.....ඇත්තම කතාව තමයි මට ලබාගන්න බැරි හීනයක් එයා මගේ ජීවිතේට අලුතින් එකතු කරලා දුන්නා..... මගේ ජීවිතේ මං කෙල්ලෙක් වෙනුවෙන් වෙන් කරන්න හිතාගෙන හිටපු ස්පොට් එක එයා කොල්ලෙක් වෙච්ච මං වෙනුවෙන්ම විතරක් සින්නක්කර ලියලා දුන්නා......මං පිලිගන්නවා....කෙල්ලො වෙච්ච උඹලා ජීවිතේ එකම එක වතාවක් හරි කොල්ලෙක් වෙන්න වරම් ඉල්ලුවට මොකද කොල්ලො වෙච්චි අපි කවදාවත්ම ඒ වරම දෙයියොන්ගෙන් ඉල්ලන්න ගියෙ නෑ....මොකද කොල්ලෙක් විදියට ලබන මේ නිදහස කෙල්ලෙක්ගෙ ජීවිතේ ඇතුලෙන් හොයනවා කියලා කියන්නෙම ඒක මහ ගොං කමක්....ඒත් අද ජීවිතේ පලවෙනිම වතාවට මට සහස්ගෙ ආදරේ ගාවදී කොල්ලෙක් වෙච්ච එක ගැන මහ මදි පුංචි කමක් දැනෙන්න පටං ගත්තා.....ඇයි දෙයියොන්ට මාව කෙල්ලෙක් විදියට මවන්න බැරි වුනේ කියන ප්‍රශ්නෙ මගේ ඔලුව පුරා දෝංකාර දෙන්න පටං ගත්තා.....මොකද ගෑනු ඇගක තියෙන ලස්සන පිරිමි අපිට අයිති කරගන්න කොහෙත්ම පුලුවන් කමක් ඇත්තේ නෑ......ඇරත් ගෑණු ඇගක තියෙන රහ කොහොමද පිරිමි ඇගක් අස්සෙන් හොයන්නෙවත්.... පිරුණු ලැම....පුලුලුකුල......කේෂ කල්‍යාණිය....කවියො ගෑනුන්ව වර්ණනා කරලා තියෙන්නෙම විශ්වයට මුදා හැරපු තවත් එක කලා ගාරයක් ගානට හිතලා..... ඉතිං එහෙව් ලස්සනකට පෑහෙන්න කොල්ලෙක් වෙච්ච මේ මට පුලුවන් වෙයිද.....ගෑණු කටහඬක එක කෙදිරිල්ලකට පිරිමි අපිව ඇහැරවන්න පුලුවන් වුනාට මොකද කොල්ලෙක් වෙච්ච මට ඒ හැකියාව දෙයියො දීලා නෑ.....ඉතිං ජීවිතේ පලවෙනිම වතාවට මට ආස හිතුනා.... මගේ සහස් වෙනුවෙන් මං කෙල්ලෙක් වෙලා ඉපදුණානම් එහෙම මේ හැගීම තව කොච්චර දුරට ලස්සන වෙන්න ඉඩ තිබුනද කියන තිත්ත ඇත්තට පුලුවන් වුනා මගේ හදවතට ලොකු වේදනාවක් අරගෙන එන්න........අසම්මතේ හරි ලස්සනයි කියලා කිව්වට මොකද සමහර තැන් වලදි අපි ගෑනු ඉස්සරහා පරාද වෙනවා......උන්ගෙ මායම් ඉස්සරහා අපි මොක්කුද කියලා හිතෙනවා....කවියො ලියපු දේවල් හරියටම හරි....නැත්තං උන් කීයටවත්ම ලියතඹරාව ගැහැණියකට සමාන කරන්නෙ නෑනේ.......

~හීන~[ONGOING]Where stories live. Discover now