モㄗ. 05

131 9 2
                                    

"මේ දොර ඇරපන්... අරූෂ්... උඹ passenger seat එකෙන් නැගපන්... යකෝ ඉක්මනට... මල්ලි, ශාක්‍ය, drive කරන්න පුළුවන්ද???"

"අහ් අයියෙ පුළුවන්!!"

"එහෙනම් -- නෑ එක්කෝ මං ම drive කරන්නම්... මේ ඔයා ඉසුකත් එක්ක පිටිපස්සෙන් නගින්න..."

නෙතඟ අයියගෙ වචනෙට මං භාතිය අයියවත් මට‍ වාරු කරගෙන පිටිපස්සේ seat එකට නැග්ග... නෙතඟ අයිය නම් භාතිය අයිය ගැන මාර විදියට වද වෙනවා...
                 නෙතඟ අයිය car එක drive කළේ 80වට‍... ඒ තරම් ම වේගෙන්... ඊටපස්සේ Queensbury එකට ඇවිත් car එක park කරල භාතිය අයියව එයාගේ ඇඟට වාරු කරගෙන hoslital එක ඇතුළට ගියා... ඉතුරු වුණේ අරූෂ් අයියයි මායි විතරයි!!!

"අරූෂ් අයියේ, එක පාරට ම භාතිය අයියට මොකක්ද වුණේ??? මට‍ නම් තාම හිතාගන්න බෑ..."

"එයාට තරහ ආවම control කරගන්න බැරි වුණා ම තමයි ඔහොම වෙන්නේ... එයාට IED තියෙනව..."

"IED කිව්වෙ???"

"INTERMITTENT EXPLOSIVE DISORDER...මේ ලෙඩේ පෙන්නන්න ගන්නෙ තරහ පාලනය කරගන්න බැරි වුණා ම..."

"ඒත් එයාට තරහ යන්න තරම් දෙයක් වුණේ නෑනේ..."

අර භාතිය අයියට සිහිය නැතුව ඉන්නව... මූ මෙහේ ඉඳන් හිනා වෙනවා!! මස්සිනා කියලා බලන්නෑ... කොහොමත් තියන්න වටින්නෑ මූව නම්!!!

"ඔයා මොනවද දන්නේ කියන්නකෝ???"

"මොකක් ගැනද අහන්නෙ???"

"නෑ... එහෙම දෙයක් නෙවෙයි!!! ඔයා මීට පස්සෙ ඉසුකය ඉන්නකොට කාගෙවත් අත් එහෙම අල්ලන් කතා කරන්න යන්න එපා... ඒක කොහොමත් ඔයාට හොඳයි... මින් එහා දේවල් කියන්න මට බෑ... අනික මං දන්නෙත් නෑ... මං කිව්ව දේ තේරෙන්න ඇතිනේ???"

"මොකක්ද ඔයා කියන්නෙ??? මට මොනවත් තේරෙන්නේ නෑ... කියන දෙයක් හරියට කියහන්කෝ..."

"හරියට තමයි බන් කිව්වේ... උඹ මීට පස්සෙ ඉසුකය ඉස්සරහ වෙන කෙල්ලෙක්ගෙවත් කොල්ලෙක්ගෙවත් අත් අල්ලන් කතා කරන්න යන්න එපා... මං උඹට මේක කිව්ව කියලා කාටවත් කියන්නත් එපා හරිද???"

මට මේක තේරෙන්නේ නෑ... ඇයි භාතිය අයිය ඉස්සරහ වෙන කොල්ලෙක් එක්කවත් කෙල්ලෙක් එකක්වත් කතා කරන්න එපා කියන්නෙ??? හරි වැඩක්නේ...

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now