モㄗ. 19

49 9 0
                                    

"හිනැහෙන්නේ මං..
මේ විල්‌ තීරේ පිය මැන්නේ...
ඔබ එක්ක මං..
මේ ගංගාවේ පැද යන්නේ...
ඔබ හින්දා මං..
මේ සංසාරේ සැනසෙන්නේ...
අතගන්න රැකගන්න
මට ඉන්න නිල්‌ නයනියේ..."

ඒත් මං බැලුවෙ කවුද මේ නිල් නයනියක් ගැන කියවන්නෙ කියලා... බලනකොට මගෙ මස්සිනා පොඩ්ඩ...

"ආහ් ඉසුකායාහ්!!! ගූඩ්- මෙන්න මූත් ඇවිත්!!!"

ඇවිල්ල ටික වෙලාවකට පස්සෙ තමයි අරූෂ් අයියට මං ඉන්නව කියල මීටර් වුණේ... මායි, මගෙ මලයයි, භාතිය අයියයි ප්‍රිෆෙක්ට්ස්' රූම් එකේ ඉඳන් ස්පෝර්ට්ස් මීට් එකේ වැඩ ටික කර කර හිටියේ... මස්සිනව මීට් වුණෙත් කාලෙකින්නේ...

"අරූෂ් අයියේහ්... ගූඩ් මෝනින්ග්!!!"

ඒ එක්ක ම පිටිපස්සෙන් ආවෙ නෙතඟ අයියා... නෙතඟ අයිය නම් මාව දැක්කෙ නෑ මං හිතන්නෙ... ඒත් එයා ආව ගමන් ම කළේ අරූෂ් අයියගෙ අතත් එක්ක එයාගෙ අත පටලව ගන්න එක... එතකොට ම අරූෂ් අයියගෙ මූණෙ ඇඳිල තිබුණ ගොං පහේ හිනාව එක පාරට ම ලොස්ට් වුණේ නිකන් කරන්ට් එක වැදුණ වගේ... ඒ එක්ක ම තමයි නෙතඟ අයිය අරූෂ් අයියගෙ අතින් ම අල්ලගෙන ප්‍රිෆෙක්ට්ස්' රූම් එක ඇතුළට ආවෙ... මට මේ වෙන දේවල් නම් කිසිම දෙයක් තේරුම් ගන්න අමාරු මොකද කියන්න ඇත්තට ම මටවත් කිසිම අයිඩියා එකක් නෑ...
                                              ඒත් නෙතඟ අයිය රූම් එකට ඇවිත් මාව දැක්කට පස්සෙ අරූෂ් අයියගෙ අත ගසල දැම්මෙ කිසීම දෙයක් වුණේ නැති ගානට... මාත් නොදැක්ක වගේ දිගට ම මගේ වැඩේ කන්ටිනිව් කරගෙන ගියා... හැබැයි මට දැනට තේරෙන විදියට නම්... මුන් ඔක්කොම එකතු වෙලා මට‍ කොළේ වහනවා!!! අනික මුන් මේ ඉස්කෝලේ හෙඩාල නේද??? සැක් විතරක්!!! අර ඉන්න පොඩි උන්ට ආදර්ශ දෙන හැටි තමයි!!!

"ආහ් මල්ලියා!!! අද මේ???"

මට නෙතඟ අයියගෙ මූණ දැකල බකස් ගාල හිනා ගියා... ඒ විනාඩියට... අනේ මන්ද...

"අඩෝ අරූෂ් අයියේ!!! මොකක්ද බං අර නෙතඟ අයියගෙ කම්මුලට වෙලා තියෙන්නේ??? බලපංකො... සතු වෙලා ඕයි!!!"

"ආරූ!!!"

නෙතඟ අයිය එයාගෙ මූණෙ අත යවල බැලුවා... කම්මුලේ රටාවකට දත් පාරවල් වැදිලා... මේකා තලෙලුයි කිව්වට එහෙම ම තලෙළුවක් නෑනේ... ඒ හින්ද අර දත් පාර මාර ම ක්ලියර් පේනවා...

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: May 16 ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingTahanan ng mga kuwento. Tumuklas ngayon