Spirit Angel ✨️
- ට්ර්ර්ර්ර්ර්ර්.......... ට්ර්ර්ර්ර්ර්ර්....... -
ආාාහ්... හීනයක් දැක දැක නිදාගෙන හිටපු මාව ගැස්සිලා වගේ ඇහැරුනෙ බෙල් එක වදින සද්දෙට. දැක්කෙත් මහ විකාර හීනයක්. ම්හු... අපි නැගිටින්නම ඕනෙද අප්පා උදේට... හැමදාම නිදාගෙන ඉන්න බැරිද දන්නැ.
- ට්ර්ර්ර්ර්ර්ර්............. -
ඉවරයක් නැතුව වදින බෙල් එකත් ඕෆ් කරගෙන මම ඇඳෙන් බැස්සෙ අතපය දිගඇරලා ඇඟමැලි කඩන ගමන්මයි. ආාාහ්.... වැඩට යන්න ඕනනෙ දැන්. අනෙහ් මට බැ........
- ටක් ටක් ටක්...... -
" ශාන්..... නැගිටලද ඉන්නෙ දරුවො.. පරක්කු වෙලා දුවන්නැතුව කම්මැලියා නැගිටින්න "ඇඳෙන් බැහැලත් මං කම්මැලි කමේම එහෙට මෙහෙට වෙවි ඉද්දි මමා කාමරෙ ගාවට ඇවිත් කෑගහන්න පටන් ගත්තා. ඒ තමයි මගෙ දෙවනි බෙල් එක.
" හරි මමා.... ඇහැරලා ඉන්නෙ අනෙ...හ් "
" අනෙ හුනෙ නෙමෙයි.... අන්න මං කැම ලැස්ති කරා. කාලා යන්න ඕන ඔක්කොම.. ජියෙත් ගියා උදේන්ම අද.. මාත් මෙහෙන්මම කඩෙට යනවා ශාන්... "
මමා පල්ලෙහාට බහින ගමන්ම එ ටිකත් කියාගෙනම ගියා.
" හරි මමා... පරිස්සමෙන් යන්න "
අපෙ ගෙදර තට්ටු දෙකෙ ගෙයක්.. උඩ තට්ටුවෙ ඉන්නෙ මමයි ජියෙයි.. පල්ලෙහා තමයි මමා ඉන්නෙ. හ්ම්ම්..... පපා නම් අපි අතර නෑ දැන්. එයා අපිව දාලා ගියෙ මම පුංචි කාලෙමයි. එත් තාම මට පපාව මතක් වෙද්දි ලොකු පාලුවක් දැනෙන්නෙ. ඒක කියාගන්න තෙරෙන්නැ.
උදේම මුඩ් ගහන් ඉන්න බැරි නිසා මම ඉක්මනට බාත්රූම් එකට පැනලා වොශ් එකක් දාගෙන රෙඩිවෙලා පහලට ආවා. කෑම එකත් වහලා තියලා මමා ගිහින්. ප්ලාස්ක් එකට දාපු කිරි එකත් මගෙ කෝප්පෙට දාගෙන ඒක බොන ගමන්ම හදලා තිබ්බ සැන්විච් ටිකත් කාලා, බොක්ස් එකක දාලා ඔතල තිබ්බ දවල් කෑම එකත් බෑග් එකෙ දාගෙන පාරට ආවා.
අපෙ මමා එහෙම තමයි.... ඉස්සර ස්කූල් යන කාලෙ වගේම තාම මමා මගෙයි ජියෙ ගෙයි ලන්ච් බොක්ස් ලෑස්ති කරනවා උදේට. එයා පපා නැතිවුනාට පස්සෙ කෙක් ශොප් එකක් කරන්න පටන් ගත්තා. අපෙ පපා ටීච කෙනෙක්. එයාගෙ පැන්ශන් එක අම්මට තාම හම්බවෙනවා.. එත් දරුවො දෙන්නෙකුත් උස්මහත් කරන් ජීවත් වෙන්න එ සොච්චම හොඳටම මදි. මම, ජියෙ දෙන්නම ජොබ් කරන නිසා දැන් වෙද්දි සල්ලි වලින් අපෙ පවුලට ගැටලුවක් නොවුනත් මමා කැමති නෑ දැන්ම අපි පවුල් බර කරට ගන්නවට. අපේ කැමැත්තෙන්ම ගෙදරට දෙයක් ගෙනාවොත් ඇරෙන්න අපෙන් සතයක්වත් ගන්නෙම නැති තරම් මමා. එයාගෙ අතපය තාම හයියයිලුනෙ එයාගෙ දරුවො දෙන්නව බලාගන්න. එතනින් එහාට මමවත් ජියේවත් තර්ක කරන්න යන්නෙ නෑ. අම්මෙක්ගෙ ආදරේ එහෙමයි.
YOU ARE READING
Spirit Angel ♡︎✨️ ( 𝑌𝑖𝑍ℎ𝑎𝑛 | Completed )
Fanfictionමංමුලා වූ මගේ ආත්මයට පාර කියා දුන් ඔහු....