අවසන් කොටස

199 25 5
                                    


Spirit Angel ✨️



" නැ.. යිබො.... පපුව එකපාරට... හිරවෙනවා වගෙ දැනෙනවා. "

" ඔයාට අමාරුයිද.... "

" නෑ නැ.... දැන් ටිකක් අඩුවුනා "

පපුව රිදෙන එක අඩුනොවුනත් යිබොගෙ කලබල ඇස් මග ඇරලා මම අහක බලාගනෙ කතා කරා. එයාව කලබල කරන්න ඕන නැ මට.

" අපි යමු බනී... මට හිතෙනවා දැන්ම අපි යන එක හොඳයි කියලා... "

" එත් ඇයි.... "

යිබෝගෙ ඇස් දිහා බලන්න ඉක්මන් නොවුන මම අහක බලාගෙනම එහෙම ඇහුවත්,

" අපි යමුකො.... "

මගෙ අතින් අල්ලගත්ත යිබෝ එහෙම කියලා ඉක්මන් අඩි තියලා ඉස්සරහට යන්න ගත්තා. ඇයි එයා කලබල වෙලා ඉන්නෙ...

ඒවුනත් දැන් මට අමාරුවක් දැනෙනවා... පපුව පැත්තකින් රිදෙනවා වගේම ඇගම පණ නැතිවෙගෙන එනවා වගේ දැනෙනවා.

" බනී...... ඉක්මනට යමු..... තව ටික දුරයි "

" යිබෝ....... "

එයාට මම කතා කරපු එක ඇහුන පාටක් නැ. අපි දැන් ඇවිදිනවා කියනවට වඩා දුවනවා කිව්වනම් හරි. එයා මාවත් ඇදගෙන පාර දිගෙ දුවගෙන ඉස්සරහට ගියා. ඈත ලොකු ටවර් එකක් පේනවා.

" ⁣යිබෝ... මට හරිම මහනසියි... තව ඇවිදගන්න බැ මට.... අනෙ ඇයි මේ යිබෝ... "

මට දුවාගන්න තියා දැන් කෙලින් හිටන් ඉන්නවත් පණක් නැහැ. මම එහෙම කියනවත් එක්කම යිබෝ දුවන එක නතර කරලා මගෙ දිහාවට හැරුනා. එයාගෙ මූන ගොඩක් වෙනස්.. ඇයි ඒ..... කලින් දැක්ක හිනාවෙ සේයාවක් වත් දැන් නැ ඒ මුනෙ.

" බනී.... ඔයාට යන්න කාලෙ ඇවිල්ලා දැන්... "

යන්න කාලෙ.... එ කියන්නෙ මම මගෙ ලෝකෙට යන්නද යන්නෙ.

" හ්ම්ම්.... ඔව්..... ඔයාට පැවරුන රාජකාරිය ඔයා හිතුවටත් වඩා හොදට කරපු නිසා ඔයාගෙ කාලෙ අඩුවෙලා... ම ම... හිතුවෙ... නැ ඔයාව මෙච්චර ඉක්මනට යවයි කියලා "

යිබෝගෙ ඇස්වල කඳුලු පිරිලා.

" යමු බනී.... මගෙ කරට නගින්න අපි අර පේන ටවර් එක ලගට යන්න ඕන දොරටුව වැහෙන්න කලින් "

Spirit Angel ♡︎✨️ ( 𝑌𝑖𝑍ℎ𝑎𝑛 | Completed )Onde histórias criam vida. Descubra agora