සිව්වන කොටස

138 22 0
                                    

Spirit Angel ✨️



   ලගට යද්දි මට දැනුනා ඒ පිරිමි රූපෙ මට දැකල පුරුදුයි කියලා.. එයාගෙ එක පැත්තයි පෙන්නෙ මට. එයා හරියට... එ.. එයා... හරියට... මගෙ පපා වගේ.... නැ... ඒ මගෙ,

" යිබෝ.... ඒ... එ මගේ... මගේ.... "

" හ්ම්ම්... ඔව් බනී... ඔයාට හිතුන දේ හරි...  මීට අවුරුදු පහලවකට කලින් කාර් ඇක්සිඩන්ට් එකක් නිසාම ඔයාව දාලා යන්න වුන ඔයාගෙ පපා තමයි ඒ.... "

" අනෙ..හ්... මගෙ පපා.... "

මට කොහොමද ඒ රූපෙ අමතක වෙන්නෙ. ගේ පුරාම තාම අපි එකට ගත්ත ෆොටො වලින් පිරිලා තියෙද්දි, මේ අවුරුදු ගානටම පපාව මතක් නොවුන දවසක් නැති වෙද්දි, දැන් මේ දකින රූපෙ මගෙ පපාගේ කියලා අදුරගන්න ⁣බැරි වෙවිද මට.

එතකොට එයාට අතැරගන්න බැරිවුන බෑදිම... ඒ අපියි.. මගෙ පපා....  එයා අපි නිසා අවුරුදු ගානක් මේ විදියට බලන් ඉන්න ඇති. මට එයා ගාවට යන්න ඕන. මට එයාට කතා කරන්න ඕන.. ඉස්සර මාව කරේ තියාගෙන වත්ත වටේම යන ගමන් මම ලොකු වෙලා එයා තරමට උස ගිහින් ඉන්නවා දකින්න ආසයි කිව්ව පපාට මම දැන් ලොකු කොල්ලෙක් පපා කියලා කියන්න ඕන.

" බනී.... බනී... අහන්න...කලබල වෙන්න එපා... මම කියන දේ අහන්න "

යීබොගෙ අතඇරපු මම පපා ගාවට දුවන්න හැදුවත් එයා මට යන්න නොදී උරහිස් වලින් අල්ලගෙන මූනට එබුනෙ මගෙ ඇස්දිහා කෙලින් බලාගෙනයි. යිබෝ මට වැඩිය අගල් පහක් විතර උසයි. මගෙ ඇස් මට්ට⁣මට එන්න එයාට පාත් වෙන්නම වෙනවා. පපා දැකපු වෙලෙ ඉදන් නොනවත්වාම ගලන මගෙ කදුලු එක අතකින් පිහිදුපු එයා,

" මතකයි නේද මම කලින් කිව්ව දේවල් ම්ම්ම්.... එයාව කලබල නොකර කතා කරන්න ඕන ඔයා... ඔයාට දුකයි මට තේරෙනවා බනී... එත් අමතක කරන්න එපා.. එයා දැනටමත් මැරුණ කෙනෙක්... බැදීම් වලින් ගැලවෙන්න මිසක් බැඳිම් වල තව හිරවෙන විදියට කතා නොකරන්න ඔයා පරිසම් වෙන්න ඕන....."

" ................. "

" ඔයාගෙ පපා අවුරුදු ගානක් තිස්සේ මෙ විදියට ඉන්නෙ... හොඳ පුතෙක් හැටියට ඔයාට කරන්න පුලුවන් ලොකුම දේ තමා එයාට මේ ලෝකෙන් ගැලවෙන්න උදව් කරන එක.... මේ දේ හොඳට මතක තියාගන්න.. ඔයාගෙ පපාට ලැබෙන අන්තිම චාන්ස් එක වෙන්න පුලුවන් මේ...."

Spirit Angel ♡︎✨️ ( 𝑌𝑖𝑍ℎ𝑎𝑛 | Completed )Where stories live. Discover now