රෑ දහය විතර වෙනකම් වත් මට නින්දක් නෑ..භානුට කෝල් කරත් පෝන් එක ආන්සර් කරන්නෙ නෑ..අම්මලවත් ආන්සර් කරන්නෙ නෑ..
"හෙලෝ..."
පෝන් එක දිහා බලාගෙන හිටපු හින්දම භානුගෙන් ආපු කෝල් එක මං ආන්සර් කරේ රින්ග් සද්දෙ ඇහෙන්නත් කලින්..
"සුද්දා...අත්තම්ම නැති වුණා.."
භානු ඇඩුම්බර කියද්දි මගෙ පපුවත් හිර වුණා..
"ඇත්තම ද භානු ?"
"ඔව් ..හාර්ට් ඇටෑක් එකක් ඇවිත්....මං තියන්නම් සුද්ද... හෙට උදේ එන්න..මේ රෑ එන්න එපා"
භානු පෝන් එක තිබ්බ ගමන් මගෙ හිතට දැනුණෙ කියාගන්න බැරි තරම් දුකක්..ඇස්වලට කදුලු ආවෙ ආයෙම අත්තම්ම ගැන හිතෙද්දි..ආයෙ ගෙදර ගියාම එයා නෑ..ගෙදරම පාලු වෙයි..අත්තම්ම ගෙදර ඉද්දි ගේ හරි එලියයි..අදින් පස්සෙ ඒ එලිය අපිව අතෑරල යනව..එයාට වයස අවුරැදු අනූවක්..ඒක අකල් මරණයක් නොවුණත් ආයෙ එයා නෑ කියල දැනෙද්දි ගොඩක් දුකයි..
මට රෑ පුරාම නින්ද ගියෙ නැති තරම්..පහුවදා උදේම නිවාඩු දාල ගියා...ගෙදර පාරට හැරෙද්දි ම දාල තිබ්බ සුදු පාට බැනර් එක දකිද්දි මට ඇස්වල ආපු කදුලු එක්ක අත්තම්ම පෙට්ටියෙ ඉන්න විදිය මැවිල පේනව..
ගෙදර ඇතුලෙ පිට මිදුලෙ සෙනඟ තැන්තැන්වල කතාව..මං ඇතුලට යද්දිම සාලෙ ඉදන් අඩාගෙන ආවෙ පොඩි නැන්දා...
"අනේ සුදු පුතා...අම්ම ගියා..මගෙ රත්තරන් අම්ම ..අනේ ..එයා අපිව දාල ගියා පුතේ.."
නැන්ද ඇඩුවෙ මාව බදාගෙන..මගෙ ඇස්වලින් කදුලු වැටුණෙ ඒ නිසල ව ඉන්න අත්තම්මගෙ දේහය දැක්කම......පහන් දෙකක් මැද්දෙ එයා ලස්සන සුදු සාරියක් ඇදල..අවසන් වතාවට අපිට බලන්න පේවෙලා ඉන්නව...බලාගෙන ඉද්දි පේන්නෙ පණ තියනව වගේ..ඒත් ආයෙ කවදාවත් අපි අතර නෑ....නැන්ද තාමත් මාව බදාගෙන අඩනව....එයා අඩද්දි මට තවත් කදුලු එනව....
මං කාමරේ ඇතුලට ගියෙ භානු හොයන්න.....පව් ...භානු ඇදේ මුනින් අතට නිදාගෙන ඉකිගහනව..මට වඩා එයාට ගොඩක් දුක ඇති..මං ගිය ගමන් එයා ලගින් ඉඳගෙන ඔලුව අතගෑව..