යදම් - 67 (අවසානයට පෙර)

1.8K 225 21
                                    

අහ්.. හොදටම දවල් වෙලා...ජනේලයෙන් එලියත් වැටිල..මං බැලුවෙ භානු දිහා..මට ටිකක් එහෙයින් තාමත් මුනින් අතට හොදටම නින්ද ගිහින්..ඊයෙ රෑ මතක් වෙනව..කියව කියව හිටපු හැටි...මං ටිකක් ලං වෙලා එයාගෙ ඔලුව ඉඹල නැගිට්ටෙ බාත් රූම් එකට යන්න..

"සුද්ද ...මගෙ ඔලුව රිදෙනව"

   මං නැගිට්ටෙ භානුට ඇහැරවන්නෙ නැතුව වුණත් එයාට ඇහැරිලා..මං ආයෙම
එයාට ලං වුණා..

  "ඔලුව රිදෙන්නෙ නැද්ද ඉතින් ඊයෙ බිව්ව හැටියට.."

     මං කිව්වෙ එයාගෙ ඔලුව මසාජ් කරන ගමන්..ටික වෙලාවක ඉදල මං ලෑස්ති වෙලා ආවෙ මට පරක්කු වෙන හින්ද..භානු නිවාඩුවක් දැම්මෙ වැඩට යන්න බෑ කියල..ඒත් මට නිවාඩු ගන්න බෑ..

    දවස් දෙකක් ගියා...මේ දවස් දෙක පුරාම ඒ ඒ අංශවල වැඩ කරන ඉන්චාජ්ලට භාර දුන්න ටාගට් වල ට ප්ලෑන් හද හද එයාල එක්කම වැඩ කරපු හින්ද ලොකු විවේකයක් තිබ්බෙ නෑ..ඒකෙත් ලොකුම ප්ලෑන් එක වුණේ ඉස්කෝලවලට එන ඩ්‍රග්ස් නවත්තන එක....ඒ අතරෙ භානුගෙන් ඇනුම් බැනුම්..එයා කියන වෙලාවට ආවෙ නැත්තම්..

               *           *            *             *

    මාස තුනක් විතර ගෙවුණ...ඒ කාලෙ ඇතුලත සම්පුර්ණයෙන්ම නැතත් ස්ටාෆ් එක ගොඩක් දුරට වෙනස් කරන්න මට පුලුවන් වුණා...හැමදේම සීයට සීයක් හරියන්නෙ නෑ..ඉහලින් එන බලපෑම් ටිකක් අඩු වුණාට නැත්තටම නැති වුණේ නෑ..

    අද අත්තම්මගෙ තුන් මාසෙ දානෙ..අක්කයි , රවීන් අයියයත්  ඇවිත්....මං දානෙ ඉවර වෙලා දවස් පහක විතර නිවාඩුවක් ගත්තෙ අක්කයි තාත්තයි යාපනේ ට්‍රිප් එකක් යන්න ඕගනයිස් කරල හින්ද...මගෙ එච්චර කැමැත්තක් තිබ්බෙ නැතත් භානුත් බල කරපු හින්ද නිවාඩු දාන්න වුණා..එයාල කොහොමත් කැමති ඇවිදින්න.

     දානෙ ඉවර වෙලා දවසයි ගියෙ....ආයෙත් ඒ අසුභ ආරංචිය....මාම භානුට පෙලවහක් කතා කරල...ඒක ඇහුවම මට හිතුණෙ හැමදෙයක්ම දාල කොහෙහරි ඈතකට යන්න..මාම ගේම අතාරින්නෙම නෑ...මේ පාර කෙල්ල ලෝයර්  කෙනෙක්..

  "මල්ලි .මාම හිච්චිට ආයෙත් මගුලක් කතා කරල .."

     අක්ක මං ලගට ඇවිත් කිව්වෙ මං ඒක දන්නෙ නැ කියල හිතන් වගේ..එයාල කොහොමත්  ඉන්නෙ ට්‍රිප් එක ඉවර වෙලා ආපහු රට යන්න....

යදම්Where stories live. Discover now