සඳක් 🌙 - 13 -

328 49 4
                                    


" එපාර මොකද්ද- "

      " මේක අහගන්න.. වාඩිවෙන්නකො අයියා.. "

" සුදුමැනිකෙ.. ගෙදර යන්නෝන නැද්ද? "

      " ප්ලීස්.. මේක අහල ඔයාට කැමති දිහාක මාව ගිහින් දාන්න.. "


ආරුශ්ගේ අතකින් අල්ලා සයනය වෙත ඇදගෙන ගිය සඳක්, කොල බන්ඩලයක් අතැතිව ආරුශ් ඉදිරියේ දණගසාගත්තේය.

      " අද බෑ සඳක්.. තමුසෙව ගෙදර ගෙනිහින් දාන්නෝන මැනිකෙ මං. මේ රූම් අස්සෙ රිංගලා මාට්ටු වුණ දවසට උබගෙ අයියල දෙන්නා පට්ට ගහයි යකෝ මාව.. "

      " අහගනිං හුත්ත.. කිව්වම.. " සඳක්ගේ දතකට පූට්ටු විය. ඔහු සාක්කුවෙන් පිටතට ඇද්ද සුප' ග්ලූ බෝතලය සමග තිබූ කටුව ගෙන සිය යටිතොලට ඇනගත්තේ ආරුශ්ගේ හුස්ම පපුවේම හිරකරමිනි.

     ඔහුගේ සර්වාංගයම වෙව්ලුවේය. සඳක්ගේ තොල දිගේ පහළට ගලන ලේ බිංදු බිම වැටෙන්නට නොදී සිය අත්ල ඇල්ලු ආරුශ් සිය කමිස කොනක් ඉරුවේ ප්‍ර්ථමාධාර පෙට්ටිය ඇස් මානයේ තියාගෙනය.

          කටුව තොල පසාරු කරගෙන මුව තුලින් මතුව තිබුණේය. සඳක්ගේ කම්මුල් දිගේ කඩාහැලුනු කදුලැල්වලට ඉකි කිහිපයක්ද එක් විය. ඔහුම කටුව ඇද දමා තොල අල්ලාගත්තේ ආරුශ්ගේ කමිස කොන ඔහු සිය මුවට තද කරනවාත් සම්ගිනි.

      " සඳක් උබට පිස්සුද හුත්තො!! "

   " කිව්වම අහගන්න අයියෙ මට තව රිද්දන්න එපා.. " වෙව්ලන දෑතින් රැයක් පුරාවට ලියවුණු ලියවිල්ල වෙව්ලන දෑතින්ම ඇස් ඉදිරියට ගෙනා ඔහු පිට අත්ලෙන් ඇස් පියදමාගත්තේය.

             " මම, ආශ්මායූ සඳක් මිහිරිපැන්න.. මගෙ රත්තරං අයියගෙ දෙපතුල් ලඟ වැටිලා පොරොන්දු වෙනවා, අද ඉදලා අපේ ආදරේට හෙනේට හිටින මොකුත් මගෙ අතින් වෙන්නෙ නෑ කියලා..

     අද ඉදන් මං පොරොන්දු වෙනවා,

මගෙ අයියට ලැජ්ජාවක් වෙන විදියට මං හැසිරෙන්නෙ නෑ මං.

අද ඉදලා පොරොන්දු වෙනවා ,

අයියට විතරක් නෙවේ අයියගෙ අම්මට තාත්තටත් කීකරුව ඉන්නවා.. මට අදින්න එපා කියන එකක් මං අදින්නෑ, යන්න එපා කියන දිහාක මං යන්නෑ. කරන්න එපා කියන දෙයක් මං කරන්නෑ. කන්න එපා කිව්වොත් බඩගින්නෙ මැරෙනවා මම.. ගෙදර වැඩ ඔක්කොම කරනවා මම. බබාල ඉන්නකොට එයාලගෙ රෙදිකෑල්ලක්වත් අයියට තියන්නෑ හෝදන්න. මං පිරිසිදුව පිලිවෙලට ඉන්න පොරොන්දු වෙනවා අයියෙ. ඔයා කිව්වොත් මං ජොබ් එකක් කරලා ගෙදර ඇවිත් උයල ඔයාගෙ රෙදි ටික සෝදල දෙනවා. ඔයා එපා කියනවනං මං ජොබ් එකක් ඕන කියලා ඔයාට ඇණයක් වෙන්නෑ මට පුලුවන් අම්මලවයි බබාලයි බලන් ගෙදර ඉන්න වුණත්.. අද ඉදලා මං ඔයාට වදයක් වෙන්නෑ අසයින්මන්ට් කරල දෙන්න කියල.. මංම ඒව කරගන්නවා. අද ඉදන් මං ෆේස්බුක් ෆේක් අකවුන්ට් විතරක් නෙවෙයි රියල් එකත් ඩිලීට් කරලා දාල දවසට අඩුගානෙ පැය අටක්වත් පාඩම් කරනවා ලෙක්චස් ගිහින් ඇවිල්ලත්. ඔයාට ආය මගෙ රෙදිටික බෑග් එක්කට දාල දෙන්නෑ හෝදල ගේන්න කියලා, මං ඔයාගෙ ටිකත් එක්ක සෝදනවා ගෙදර ගෙනත්. මං අම්මට වදයක් වෙන්නෑ අයියල අක්කා එක්ක රන්ඩු වෙන්නෙ නෑ, තාත්තිට අනම් මනම් ගේන්න කියලා හවසට  කෝල් කර කර වද දෙන්නෑ අම්මගෙ වැඩවලට, ඒ කිව්වෙ වත්තෙ වැඩ, උයන්න ඒමත් උදව් කරනවා. ආච්චිඅම්මා ආවම මං ආය එයාට ප්‍රෑන්ක් කරන්නෑ.. එයා එක්ක එකතුවෙලා ගෙදර අය අවුස්සන්නෙ නෑ. අක්කගෙ ශැම්පු එක හොරෙන් ගාන්නෑ මං සල්ලි ඉතුරු කරල මගෙ හැමදේම ගන්නවා. මං ඔයාට බරක් වෙන්නෑ ටොෆියක් අරන් දුන්නත් මං ඒකෙන් බාගෙකට ගෙවනවා. මං කා එක්කවත් රන්ඩුවට යන්නෑ. ආපහු porn videos බලන්නෙ නෑ. බලලා එව කරමු කියල ඔයාට වද දීල ජරා විදියට හැසිරෙන්නෙ නෑ ඔයා කරොත් මිසක් මං කිසිම දෙයක් ඉල්ලල වාත වෙන්නෑ. මගෙන් ඉශ්ට වෙන්න ඕන හැමදේම කරල දීල මං අයියගෙ වචනෙට උඩින් නොගිහින් ඔයාට ආඩම්බරෙන් මේ මගෙ සඳක් කියල කටක් ඇරලා කිය්න්න පුලුවන් තැනට වැඩ කරනවා.

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now