🦋16🦋

148 30 8
                                    

"Okay ළමයි, ඔයාලා fifteen minutes break එකක් ගන්න. විනාඩි පහළවකින් ආයම ප්‍රැක්ටිස් පටන් ගන්නවා."

කෝච් කාරයා අපිට බෙරිහන් දීලා පිට්ටනිය දිගේ ඇවිදගෙන ගිහින් නොපෙනී ගියා. ඔය හාදයා නොපෙනී නෙවෙයි මකබෑවිලා ගියත් මොන ලෝකෙන් හරි ආයම මතු වෙනවා. මට මං අද underwear එක ඇඳන් ආවා කියන එකටත් වඩා ඒක ශුවර්. අපිත් ඉතින් ඒ සැනින් ගිහින් pavilion එකේ පඩිපෙලෙන් ඉඳගත්තා.

අද උදේ ඉඳන් football practice තියනවා. Sport meet ළඟ හින්ද දැන් ඉඳන්ම වැඩ පටන් ගත්තා. අදීෂ අයියයි, මායි තව අපේ සෙක්ෂන් එකේ දෙතුන් දෙනෙකුයි මල්ලිලා සෙට් එක්කුයි තව අයියලා සෙට් එක්කුයි තමා හිටියෙ.

Sport meet එකට හැම එකාටම එකේක මගුල් සෙට් වෙලා තියෙන්නෙ. මටයි අදීෂ අයියටයි football, මට තව අපේ හවුස් එකේ march past එකට ඉන්න තියනවා. අදීෂ අයියා කරාටේ වල performance එකටයි, basketball වලටයි badminton වලටයි ඉන්නවා. තව ඉතින් බෑන්ඩ් එකටත් ඉන්නවා. උට ඉතින් නැති ලබ්බක් නෑනෙ. එයත් ඉන්නේ අපේ හවුස් එකේමයි.

මෙහෙ හවුසස් පහක් තියනවා Mazonodians, Alphonsus, Maximilians, Accutians, Benedicts කියලා. අපි ඉන්නෙ Mazonodians එකේ. නිකිලුයි, වගීෂ අයියයි, මිෂේන් අයියයි ඉන්නෙ Maximilians එකේ. සතීෂ් අයියයි අයෝනුයි Alphonsus එකේ. රවීෂ අයියා Benedicts එකේ. ෂනෙල් අයියා Accutians එකේ.

මං pavilion එකේ ඉඳගෙන හති ඇර ඇර ඉන්නකොට අදීෂ අයියා වතුර බෝතලේකුත් උස්සන් ඇවිත් මගෙ ලඟින් ඉඳගත්තා.

"ම්ම්.. වතුර ටිකක් බොන්න." එයා ඒක මගෙ එහාපැත්තෙන් තියලා මගෙ ඔඩොක්කෙන් ඔලුව තියාගත්තා. අනිත් උනුත් ඔය වැඩේ සාමාන්‍යෙන් කරන හින්ද එක එච්චර ගානක් උනේ නෑ කාටවත්. ඒ උනාට ඒකෙ ලොකුම ගාන උනේ මට. මගෙ හාට් එක එකසිය නෙවෙයි එක්දාස් ගානට ගැහෙනවා. මං පුළුවන් තරං සන්සුන් විදිහට ඉන්න ට්‍රයි කරා.

"ඔයා කලින් ඉස්කෝලෙ football ටීම් එකේ හිටියද.?" අදීෂ අයියා එයාගෙ අත මූන උඩින් තියාගෙන ඇහුවා.

"ම්ම්.. ඔව්. මං ප්ලේ කරන්න ගත්තෙ grade six වලදිමයි. Grade eight වලදිම ටීම් එකට සිලෙක්ට් උනා."

"මැචස් වින් කරලා තියනවද.?"

"National second place අරන් තියනවා. අපි ප්ලේ කරේ ඔයාලත් එක්කමයි. ඒ පාර first ඔයාලා.."

🦋නෙතු🦋[Nonfic BL]Where stories live. Discover now