🦋21🦋

150 20 13
                                    

වෙලාව හවස හයයි. මුළු ග්‍රවුන්ඩ් එකේම කට්ටිය ඩීජේ එකට පිස්සුවෙන් වගේ නටනවා. සමහරුන්ගෙ රෙදි කැලේ.. ඔය වැඩවලට කැමති නැති සෙට් එකක් දැනටම ගෙවල්වලට යන්ඩ රෙඩි වෙනවා. උන් දන්නෙ පොත් බදාගෙන ඉඳලා විභාග පාස් වෙන්න විතරයි. ඉන්න ඕනෙවට ඉන්නවා, ආතල් එකක් ගන්න දන්නෑ.

අපේ හවුස් එක second place. First උනේ අයෝන්ලාගෙ හවුස් එක. පොඩ්ඩක් විතර අවුල් ඉතින්, ඒ උනාට ෂේප්.

මං දැන් අපෙ හවුස් එක ළඟ හිටගෙන ඉන්නෙ අපේ සෙට් එක එනකං. නිකියා කිව්වා ඌ හය වෙද්දි එනවා කියලා. අයෝනුත් එයි ඌ එක්කම.

ස්ටේජ් එක පැත්තට ඔලුව දාගෙන සුනඛයෙක් හොය හොය හිටපු මං දැක්කෙ රතු පාට කිට් එක්කුත් ඇඳගෙන ග්‍රවුන්ඩ් එක මැද්දෙන් මේ පැත්තට දුවගෙන එන සුදුම සුදු හැන්සම් කොම්ලෙක්.

"කාවද හොයන්නෙ.?" එ්කා දුවගෙන ඇවිත් මගෙ කරට අත දාගත්තෙ හති දදා.

"මගෙ බොක්කවල් දෙක."

"මං හිතුවෙ ඇට දෙක කියලා." මං උගෙ ඔලුවට ටොක්කක් ඇනලා අහක බලාගත්තා. ඌ හිනා වෙනවා. අම්මප කියපං, මගෙ ඇට දෙකේ මොකද්ද අමුතුවෙන් හොයන්න තියෙන්නෙ. ඔය තියෙන්නෙ යස අගේට. මුටත් වෙලාවකට වයර් මාරු වෙනවා මං හිතන්නෙ. සෙක්ෂන් ෆස්ට් උනාට වැඩක් නෑ, වෙලාවකට අමු ගවයෙක්.

"ඒ දෙකේ හොයන්න දෙයක් නෑ, සුරක්ෂිතව තියනවා."

"ඒක හොඳයි." ඌ එහෙම කියලා පට්ට වල් හිනාවක් දාලා අහක බලාගත්තා. නොදකින් වලත්තයා. දෙන්ඩ හිතෙනවා අසවල් එකට අතුල් පහරක්. හැබැයි රිස්ක් එකක් ගන්න බෑ, මුට නැග්ගොත් එහෙම වසලා හමාරයි. ඇයි ඉතින්, ඉන්න හැටියට කවුද දන්නෙ.. මෙතනම පෙරළගත්තොත් එහෙම.

"ආං එනවා උඹේ බොක්කවල් දෙක." අදීෂ අයියා කිව්වහම මං ඒ පැත්ත බැලුවා. අයෝන් බඩත් අල්ලන් හිනාවෙනවා කඳුලු පනිනකං. නිකියා උගෙ බ්ලේසර් එක ගලවලා අරකට ගහනවා හිටු කියලා. මුන් දෙන්නට මක් වෙලාද.?

"තෝ මහ පොල් බූරු හරක් පැටියෙක්. කට තිබ්බ පලියට කියවන්න එපා. ගොං වස්සා. හැල ගෙම්බා. තමුසෙව මම තියන්නෑ එළ හරකා." නිකිල් අයෝන්ට ගහලා ගහලා අන්තිමට ඌව බිම පෙරළගෙන ගහන්න ගත්තා. අර වස්සා බූරුවෙක් වගේ හිනා වෙනවා.

🦋නෙතු🦋[Nonfic BL]Where stories live. Discover now