01

42 4 1
                                    


****************හසරින්ද**************

"ප්ලේන්ටියක් දෙන්න"

සඳුදා උදේට කොල්ලුපිටිය කියන්නෙ හරිම කලබල තැනක්. ඒත් තාම ඒ කලබලේ පටන් ගත්තා විතරයි. මොකද තාම වෙලාව උදේ 7ට වත් නැහැ.

මම හසරින්ද. ඒ ලෙවල් ඉවර වුණා විතරයි. ඇයි මේ මගේ ගැන කියන්නෙ? හරියට ඉන්ටවිව් එකක් වගේ නේද? ඇත්තම කිව්වොත් මං මේ ඇවිත් ඉන්නෙ ඉන්ටවිව් එකකට තමයි.

මගේ ගම කුරුණෑගල. ඒ කිව්වට කුරුණෑගල පහු කරන් මැල්සිරිපුර පැත්තට යන්න ඕනෙ. ඒත් ඉතින් ඒ ලෙවල් ඉවර වුණාට මට ඒ ගමේ කරන්න දෙයක් තිබ්බෙ නැහැ. ඒ ලෙවල් ඉවර වෙනකල්ම කිරි අම්මා ඇඳුම් මහලා කන්න, අඳින්න, පංති ගාස්තු දුන්නට මට තවදුරටත් එයාට කරදර කරන්න හිත දුන්නේ නැහැ.

එතකොට අම්මා, තාත්තා? අම්මා ඉන්නෙ රට. ඉන්නවා කිව්වට ඉතින් එයා මාව කිරි අම්මට දාල ගිහින් වෙන කසාදයක් කරගෙන කියල තමයි ආරංචි. ඒ දවස්වල ඒකට තරහ හිතුනට තාත්තෙක් නැති දරුවෙක් නිසා එයාගෙ ජීවිතේ අඳුරු කරගන්නෙ නැතුව එයා එයාගෙ ජීවිතේ හදාගන්න හිතන්න ඇති. ඔයාල හිතනවද අවුරුදු 19ක කොල්ලෙක් මේ විදියට හිතන්නෙ කොහොමද කියල? ඒ මගේ කිරි අම්මා නිසා. කිරි අම්මා නිසයි මං මගේ අම්මට වෛර කරන්නේ නැත්තේ. මොකද කිරි අම්මා තමා මගෙ ජීවිතේම.

උදේ හිස්බඩ ම ආපු නිසා පාර අයිනෙ පොඩි කඩේකින් ප්ලේන්ටියක් ගත්තා. කොළඹට ඇවිත් මාස 2ක් වෙන්න ආවත් තවම මට පාරවල් හුරු නැහැ. ඒකයි මේ උදේම ආවෙ තැන හොයාගන්න බැරිවෙයි කියල. කොළඹට ආව දවසෙ ඉඳන් ම එක එක කම්පැණි වලට ඇප්ලිකේෂන් දැම්මත් එකකින් වත් මට ඉන්ටවිව් කෝල් කලේ නැහැ.

වරදක් කියන්නත් බෑ ඉතින්. ඒ ලෙවල් කොමර්ස් කරල පාස් වෙලා තිබ්බත් වෙන කිසිම සුදුසුකමක් නැති මනුස්සයෙක් ට අද කාලෙ රස්සාවක් දෙන්නෙ කවුද? ළමයි ඉස්කෝලෙ යන කාලෙම AAT එහෙම ඉවර කරන්නෙ. පන්ති ගාස්තු දුන්නෙත් අමාරුවෙන් වෙච්ච කොට ඒ කිසිම දේකට කිරි අම්මට කරදර කරන්න මට හිත දුන්නෙ නෑ. මාත් එක්ක ඉස්කෝලෙ ගිය යාළුවො කැම්පස් පොත පුරවද්දි එයාලටත් වඩා හොඳ රිසල්ට්ස් තියෙන මට රස්සාවල් හොයන්න වුණේ එහෙමයි.

සිසි කිරණ BLWhere stories live. Discover now