02

33 3 1
                                    

****************සසංක****************

ඇත්තටම මේ මං මොකද්ද කරන්නෙ? කම්පැනි එකේ DGM Finance එකවුන්ට් ඇසිස්ටන්ට් කෙනෙක් ගන්න තියෙන ඉන්ටවිව් එකක මොකද්ද කරන්නෙ?

මං හිතට තව දුරටත් හිතන්න දෙන්නෙ නැතුව හිත තද කරගෙන හිටියා. ඉන්ටවිව් බෝඩ් එකේ අනිත් අයත් බලනවා ඇති මං මොකද මේ කවදාවත් නැතුව කියලා. නෑ, ඇසිස්ටන්ට් ගන්නෙ මගෙ ඩිපාර්ට්මන්ට් එකට නෙ. ඒ නිසා අවුලකුත් නෑ.

"කම් ඉන් නෙක්ස්ට් ප්ලීස්" ඒ ඉන්ටවිව් බෝඩ් එකේ මිස්ටර් වික්‍රමගේ. අපේ කම්පනි එකේ එච් ආර් හෙඩ්. 

ඇතුළට ආවෙ දැකපු වෙලාවෙ ඉඳන්ම මගේ හිත කලබල කරපු ඒත් එහෙම දෙයක් නෑ කියල මමම මගේ හිත රවට්ටගන්න තත්වෙට පත් කරපු රූපෙ. 

"ටේක් අ සීට්"

"ගුඩ් මෝනින්"

"ගුඩ් මෝනින්. ටෙල් මී යුවර් නේම් ප්ලීස්"

"හසරින්ද සංකලන දිසානායක"

ම්ම්... ලස්සන නම...

"ටෙල් මී අ බිට් අබවුට් යුවර්සෙල්ෆ්"

"අයි ඩිඩ් මයි ඒ ලෙවල්ස් ලාස්ට් ඩිසෙම්බර් ඇන්ඩ් ගොට් ටූ ඒස් ඇන්ඩ් වන් බී."

"විත් සච් ගුඩ් රිසල්ට්ස්, වයි ඩිඩ්න්ට් යූ ඇප්ලයිඩ් ෆොර් යුනිවර්සිටි ?"

"බිකෝස් ඔෆ් ෆයිනෑන්ෂල් ඩිෆිකල්ටීස් සර්"

කොලුවා ඇත්තම කිව්වා නේද?

"ඔහ් අයි සී? වයි ඩිඩ් යූ සිලෙක්ටඩ් දිස් කම්පනි?"

"අයි තෝට් දෙයාර් විල් බී මෙනි ලර්නින්ග් ඔපචුනිටීස්."

තව පොඩ්ඩෙන් මට කැස්සකුත් එනවා. සසංක උඹ මේ මොනවද හිතන්නෙ?

"ඕකේ. දැට්ස් ඕල්. වී විල් ලෙට් යූ නෝ"

"තෑන්ක් යූ සර්"

ඉන්ටවිව් ඉවරයි. ආ ඉවර නෑ දැන් මට නැගිටල යන්නත් බෑනෙ. ඉවර වෙනකන්ම ඉන්න වෙනවා.

හොඳ වැඩේ උඹට තියෙන වැඩ ඔක්කොම දාල දුවගෙන ආවට.

මං සාමාන්‍යයෙන් එහෙම වගකීමක් නැතුව වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් වගකීම හැම වෙලාවෙම ඔලුව උඩ තියන් ඉන්න වචනයේ පරිසමාප්තියෙන්ම workaholic කෙනෙක්.

සිසි කිරණ BLWhere stories live. Discover now