03

25 2 0
                                    


**************හසරින්ද****************

මගෙ ජීවිතේටම එක දිගට මෙහෙම සර්ප්‍රයිස් ලැබුණම ද මන්දා..

පළවෙනි එක තමා මලින්තයට යන්න බැරි වෙච්ච පාට් ටයිම් එක කරන්න පබ් එකට ගියාම ඒකට එදා ඉන්ටවිව් ගිය කම්පැනි එකේ හිටපු සර් ඇවිත් හිටපු එක.

හැබැයි මට පෙනුන විදියට නම් සර් මාව අඳුරගත්තෙ නැහැ. ඒ ඉන්ටවිව් එකට ඉතින් කීයක් කියල ආවද? මාව මතක හිටීවි යැ.

දෙවනි සර්ප්‍රයිස් එක ආවෙ ඊයෙ බෝඩිමේ ඉන්නකොට උදේ ආව කෝල් එකෙන්. දන්නැති නම්බර් එකක් නිසා දෙගිඩියාවකින් තමයි ආන්සර් කලේ.

"හෙලෝ, මම තිලිණි ASR Holdings වලින්. මේ මිස්ටර් හසරින්ද ද?"

"ඔව් ඔව්"

"එකවුන්ට් ඇසිස්ටන්ට් පෝස්ට් එකට මිස්ටර් හසරින්ද ව සිලෙක්ට් වෙලා තියෙනවා. අපි කැමතියි හෙටම පටන් ගන්නවා නම් නැත්තම් සැලරි ඉෂූස් එන්න පුළුවන්."

"මම කැමතියි"

"ඕකේ. එහෙනම් හෙට උදේ 8.00 වෙද්දි එන්න. කන්ග්‍රැජුලේශන්ස් "

"තෑන්ක් යූ"

මගෙ කටහඬත් වෙව්ලනවා. කවුද හිතුවෙ මෙහෙම සර්ප්‍රයිස් එකක්?

එහෙනම් ජීවිතේ මටත් චාන්ස් එකක් දෙන්න තීරණය කරලා?

මං එක පාරටම කෝල් එකක් ගත්තෙ කිරි අම්මට. එයා දැන් ඉන්නෙ මාමලාගෙ ගෙදර නෙ. එහෙට ලෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා.

ෆෝන් එක රින් වෙනකොටම ආන්සර් කලේ කිරි අම්මා. ගොඩක් වෙලාවට එහෙ දවල්ට ඉන්නෙ කිරි අම්මා විතරයි නෙ.

"කිරි අම්මේ?"

"අනේ මගෙ පොඩි එකා. උඹ සනීපෙන් නේද?"

"ඔව් කිරි අම්මෙ. මං ඉන්ටවිව් ගිය ජොබ් එකකින් මාව තේරිලා කිරි අම්මෙ. හෙට ඉඳන් එන්න කිව්වා."

"අනේ මගෙ කොලුවට රත්නත්තරේ පිහිටයි"

මටත් මාරම සතුටුයි. සුළු පටු ආරංචියක් ද ඒ? තව ටිකක් වෙලා කිරි අම්මා එක්ක කතා කරපු මං ෆෝන් එක තිබ්බා.

මට සතුටුයි උඩ පනින්න හිතෙන තරම්.

ඒත් එක්කම මලින්තයටත් ගත්තා කෝල් එකක්.

සිසි කිරණ BLWhere stories live. Discover now