004🎶

341 55 45
                                    

" වලව් කාරයො......! "

. සංගීත සර් වලව්වෙන්..ඒකත් මහානාමෙන්...හිනා වෙනකොට දාපු ගෙම්බර් එකෙන්ම මට හිතන්න තිබුනා..ඊටත් වලව්වට ඊයෙ අලුත් කාරෙක ආවෙ...එහෙනං ඇවිල්ල තියෙන්නෙ මේ උන්දැනෙ...

සංගීත මාස්ටර් ගැන කලින් හිතේ ඇති වෙලා තිබුන කලු පැල්ලම තිබුනටත් වඩා කලුවට හිතම වහගෙන ගියා...වලව් කාරයො හැම එකාම මෙහෙමද කියල හිතුනත් අප්පච්චියි අප්පච්චිගෙම ආරෙට හැදුන මමයි දිහා මවාගෙන මට පොදු කරල සලකන්න බැරි උනා..අතරින් පතරත් ඇති හිත හොඳ පොලවෙ පය ගහල ඉන්න මිනිස්සු..

ඒකට මොකද යන්නෙ අඩි දහයක් උඩින්..හැබැයි වලව් උන්දැලට අමතකයි සරම ඇඳන් උඩ යනකොට යටට ඇඳල නැත්තං හෙලුව එලියෙ කියල.

" සර්... සින්දුවක් කියන්නකෝ...."

" ඔව් සර්....සින්දුවක් කියන්නකො . එකම එකක්.."

කෙල්ලො කොල්ලො ටික එක යමරෙට කෑ ගහනව අලුත් සර්ට සිංදු කියන්න කියල.මං කල්පනා කරේ වලව්වෙ නෙවෙයි එංගලන්තෙන් ආවත් ඉස්කෝලෙදි මේ මනුස්සයා මගෙ ගුරුවරයෙක්නෙ කියල.

මං තීරණේ කරා ඉස්කෝලේ ඇතුලෙදි ගුරුවරයා කියල ඔලුව නවල ආචාර කරන්නත්..ඉස්කෝලෙන් එලියෙදි පිලිකුල් වලව් කාරයන්ගෙ ගානටම සලකන්නත්..ලේසියි පහසුයි සරලයි...කල්පනාව අස්සෙ ඇහුනෙ සර්ගෙ ගිටාර් එකෙ තතක් හඬ නැගුන හැටි...

" සර් .... කැමතිම සිංදුව කියන්න...." ළමයින්ගෙන් ඉල්ලීමක් ලැබුනා..පන්තියම එක හඬින්...මොන තරං උද්ධච්ඡ කං පෑවත් අවුරුදු ගානක් චිත්‍රෙටම විතරක් අත හුරු උන අපේ උන්ට සංගීත සර් දෙයියෙක් වගේ උනා..

සර් කට කොනකින් හිනා උනා....!

!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වසත් දා ස්වර 🎶🎻 ( Yizhan )  - 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✔️Where stories live. Discover now