042🎶

118 25 33
                                    

" මම හිතන්නෙ ඔයා දැන් නවතින්න ඕනෙ...."

යන ගමනත් අතරමැද නැවතුනෙ ඇහුන කටහඬ හින්දා.....මම පිටි පස්ස හැරිල බලනකොට ඒ හිටියෙ අර මනුස්සය..මම බැලුවෙ ප්‍රශ්නාර්ථ මූණකින්...

" මේ අහන්න සර්....දුක් වෙන තරමටම සර්ගෙ හිත කියවගන්න මට අමාරු උනත් ඔය ඇස් කොනෙන් පිහල දාපු කඳුලු වලට අසාධාරණ කං නොකර ගිහින් මිතිලට කතා කරන්න...අනික සර් ඔයා මට කියල නතරකරපු තැනින් එහාට තියන ඇයිහොඳැයිය මම දන්නව..මට මිතිල පුතා කියල තියනව."

හිස් බැල්මකින් යන්න හැරුන පාර දිහාටම අඩිය තියපු මම කල්පනා කරෙ ඉන්නත් යන්නත් පපුව පලාගෙන මැරෙන්නත් හරි සිහිලැල් කියන්නෙ දුන්න වචනයක් වෙනස් නොකරන මිනිහෙක් හන්දා.මිතිල මම එයාට කවුද කියල කිව්වත් මම වෙනුවෙන් බලාහිටිය කිව්වත් මට ඕනා නෑ දුර යන්න තියන ගමනක් අහුරලා කානු කපන්න.ඒකෙන් වෙන්නෙ හිතක් දෙකට බෙදෙන එක නං..මගෙ කොල්ලා තෝරගත්තෙ සාසනෙ නං අන්තිමට ඒකා ඒ පාරෙ ගියදෙන්..සිහිලැල්ගෙ ආදරෙට කරන්න පුළුවන් එච්චරයි...යන පාරෙන් අත් හරින එක.

" අත් ඇරලා නං .එපා හිත වෙනස් කරන්න...ඒ ලමයා යන්නෙ පැහැදිලි ගමනක්..."

" ඒත් සර්...."

" පුතා කියන්න....මිතිල පුතා නම් මාමට මාවත් පුතානෙ...මගෙ පණ් ටික හොඳින් බලාගෙන ඒකව උරුම තැනට යවන්න මාමා...නුවරට පය ගහනකොටත් හුඟක් මතක මම මරලා ආවෙ.ලේසියෙන් අත් ඇරල දාන්න පුළුවන් , මට ආයෙ ඕන්නෑ කියල රවට්ටගෙන ගිය හිත මම හොයපු මගෙ වස්තුව මගෙ අහල පහලම ඉන්නව කියල කිව්වම අලු ගහල දාල නැගිට්ටා.

එ උනත් මට ඕනා කමක් නෑ ඒකා යන පාර අහුරන්න..මාමෙ අවුරුදු නවයක්ම එක දිගටම බලගත්තනෙ මාමට පුළුවන් තරමින් මගෙ කොල්ලව බලාගන්න . හීරීමක්වත් වෙන්න නොදී..තුවාලයක් උනාම අසනීපයක් උනාම නිදි නැතුව රැකපු එකා මගෙ..ටිකක් හිතුවක්කාරයි..උද්ධච්ඡ කම ටිකක් තිබුනට ඒක ඒ හැටි එකක් නෙවෙයි..ඒකා ස්වාධීනයි...බේබිගෙන් උනත් නිකන් බත් පත බෙදවගන්න ලෑස්ති උනේ නෑ..මම දැකපු අඩු වයසක හිත ඔය හැටිම හයිය කොල්ලා මගෙ මිතිල..

මාමා මගෙ වස්තුව රකින්න..මාසෙකට ගානක් මම මාමාට එවන්නං...මාමා ඔහොම ඉන්නකොට මට හිත හදාගෙන ආපහු යන්න පුළුවන්..මම දන්නවනෙ මගෙ කොල්ලා තනි වෙලා නෑ කියල..ඉතින් තව මොනවද..."

වසත් දා ස්වර 🎶🎻 ( Yizhan )  - 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✔️Where stories live. Discover now