032🎶

153 29 32
                                    

.


.
🎶
.


.
" ඉතින්....අයෝමා මහානාම........ මේ ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නෙ...."

ඉන්දික කිව්වෙ ෆයිල් එක ලඟම තිබුන පොඩි මේසෙ උඩට දානගමන්.මහානාමෙ ලොකු හාමු මහත්තයත් ජිනාල් මහානාම වත් ළග පාතින් ඉන්දගෙන ඉන්දික එක්ක උපාලි හඳුන්ගමුව ලොකු කතා බහක්.

" මොනා ගැනද ඔයා ඔය කියන්නෙ කියල මට තේරෙන්නෑ ....."

" තේරෙන්නැද්ද...... උපාලි අරගොල්ලන්ට එන්න කියන්න...."

" හරි සර්...." ඉන්දිකගෙ අණ එක්ක උපාලි එලියට ගිහින් ටිකකින් ඇතුලට ආවෙ තවත් පිරිමි ඔෆිසර් කෙනෙක් එක්ක කාන්තා ඔෆිසර් කෙනෙකුත් එක්කගෙන.....

" අයෝමා මහානාම , වසුන්දරා මහානාම , විජේසුන්දර මහානාම ... උපාලි මේ තුන් දෙනාව ජීප් එකට දාගන්න......

බොහොම ස්තූතියි ජිනාල් මහානාම මහත්මයා... ඔයා නැත්නම් අපිට මේ කේස් එක සම්පූර්ණයෙන්ම ලිහාගන්න බැරි වෙනව.....ඒ වගේම මම බලාපොරොත්තු වෙනව ඔයාට සිහිලැල් මහානාම ගෙන් යම් තරමින් හරි සමාවක් ලැබෙයි කියල... එහෙනම් අපි ගිහින් එන්නම්.... "

අයෝමා , වසුන්දරා එක්ක විජේසුන්දර ලොකු හාමු ජිනාල් මහානාම වෙතට හෙලුවෙ දවා අලු කරන බැල්මක්...

" උඹ ද්‍රෝහි උනා....... ! "

" නෑ මම තේරුම් ගත්තා...මහ උලු ගෙදර තපින්න උනත් මම ගත්තෙ සාධාරණෙ පැත්ත...ඉතින් මට දුකක් නෑ...මම මගෙ දරුවගෙ පැත්ත ගත්තේ...."

ජිනාල් මහානාම ලග තිබුන පුටුවක් ඇදගෙන වාඩි උනා...

" අඩුම වසුන්දරා ඔයාට ඒ දරුවට බොරු ආදරයක් පෙන්නන්නෙ නැතුව ඉන්න තිබුන...ඒ දරුවා නොසෑහෙන්න අම්මගෙ ආදරෙ ගැන බලාපොරොත්තු තියාගත්තා.අච්චර ආදරෙන් ඉඳපු උඹලා දරුවගෙ පණ ගන්න සැලසුම් හදනකොට මට මගෙ පපුව වාවන්නැති උනා.උඹලට සම්මාන වලින් දමලා ගැහුවත් මදි වසුන්දරා... පොඩි එකා වෙනුවෙන් මට උඹලව රවට්ටන්න උනට මට කිසිම දුකක් නෑ.

හැබැයි හැමෝම ඇත්ත දැනගන්න ඕනි....."

" හැමදේම දැනගන්න ලැබේවි ජිනාල් මහත්තයා.... පොලිසියට ඇවිල්ල කට උත්තරයක් දීලා යන්න....වලව් තානාන්තර උනාට පුළුවන් නම් ඔලුවට ගත්ත නං හොඳයි ගමෙන් එපිට මිනිස්සු ජීවත් වෙන්නෙ 2023 කියල...."

වසත් දා ස්වර 🎶🎻 ( Yizhan )  - 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✔️Where stories live. Discover now