047🎶

178 24 34
                                    

හීන වලටම ඇවිත් දෙව්දුව දිව්‍ය ස්වර වයන කාලෙ ආයෙ ආයෙ ඇස් ඉස්සරහ මැවෙනකොට ලෝකෙන්ම බරම හදවත තිබුන මනුස්ස ප්‍රාණියාට මම ආයෙත් ලඟ ඉඳගෙනම ආදරෙ කරන්න පටන් ගත්තා.

පරණ කවි කොල කහ ගැහුනු පරණ පොත්... ලියාපු කොල සෑහෙන්න ගානක් ආයෙ ආයෙ කියවනකොට දරන්න බැරි තරං පපුවට සතුට හම්බෙනකොට පිටාර ගලන්න ඔන්න මෙන්න තිබ්බ ආදරේ සොරොව්ව සිහිලැල් ලඟම ඇරල දැම්ම...පරණ ලියුම් පරණ පොත් හැමදෙයක්ම පාහෙ පරණ වෙන්න වෙන්න තමයි ලස්සනම කියල සිහිලැල් කියනකොට එතනින් එහා මම අවුරුදු විසි හයකින් අවුරුදු 16 ට ආව.....

වෙන්න ඕන හැමදෙයක්ම වෙලා ඉවර උන අන්තිමෙ සංසාරෙ පුරාවටම සිනිඳු මල් කිනිති ඉල්ලගෙන මම සිහිලැල්ට තුරුල් වෙනව..

නොගැලපෙන උන් වෙන් කරල ගැලපෙන උන්ව එක්කහු කරනව කියපු සෙංකඩගලදි මාත් සිහිලැලුත් ආදරෙ පටුන ආයෙ ආයෙ ලියන්න ගත්තා....පටුනට එක්කහු වෙන්න ඕන දාස් ගානක් මාතෘකා මමත් සිහිලැලුත් ඕසෙට හදනකොට සිහිලැල්ගෙ ආදරේ නවාතැන මම වෙලා ජීවිතෙ නවාතැන මගෙ ගෙදර උනා....හවසට දවාලට උදේට කියල වෙලාවක් කලාවක් නැතුව එක්කෙනෙක් අතින් හැදෙන කෝපි එකක් තේ එකක් බෙදාහදාගෙන ජීවත් උනා...දුක සැප සේරම එකක් නෑර බෙදාගන්න මෙතනින් එහාට සිහිලැල්ට මමත් මට සිහිලැලුත් ඉන්නව කියල මතක් වෙනකොට ඉස්සරහ කාලෙ ගැන බයක් නැතුව ජීවත් වෙන්න පුරුදු උනා..පුලුවන් හැම වෙලාවකම වගෙ හිනා උනා...

යලක් මහක් නැතුවම පපු කුහර ආදරෙන් පීදිලා සරු වෙලා යනකොට වැහි කෝඩයක් එනකල් සිහිලැල් තීරණය කෙරුව අවුරුදු නවයක තපස තව දුරටත් රකින්න........

.

" අපි බඳිමුද......."

" ඔයාට පිස්සුද......"

" ඇයි...."

" මේක ලංකාව සිහිලැල්....."

තුරුල්ලෙ හිටපු මගෙන් බේබි අහනකොට ටිකක් කොටවෙන්න ගහන්න තරං හිතුන....ඇත්තටම වයසට යනකොට ඔලුවත් කුරුවල් වෙලා ගිහින්ද කොහෙද.....

" කොලේක අත්සන් කරලා ලෝකෙටම පේන්න කරන්න ඕන කියල නීතියක් නෑනෙ මිතිල...අපි බඳිමු...ඔයා මට ආදරෙ නං....අපි බඳිමු..."

වසත් දා ස්වර 🎶🎻 ( Yizhan )  - 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✔️Wo Geschichten leben. Entdecke jetzt