008🎶

258 50 16
                                    


" ම්ම්ම්...."

පුංචි බේබි බුදුන් වඳින්න කියල තරවටු කරා.... වෙනසක් මටම තේරෙනව මම පුංචි බේබිට අවනත වෙන්න අරන්.... ඒක කො.....

"එන්න යං........"

හිත හිත හිටපු එකටත් බාධා කරගෙන පුංචි බේබි මගෙ අතින් අල්ලගෙන එක්කන් ආවෙ එලියට... අද මෙහෙම ඉක්මනින් යං .. ආයෙ දවසක එමු.... රෑට වෙලාවක් තිබුනොත් මම වැව රවුමට එක්කං එන්නං....

" පුංචි බේබි මීට කලින් මෙහෙ ඇවිත් තියනවද....'

" මිතිල ඔය පුංචි බේබි කියන එක නතර කරන්න..."

" මං මුලින්ම කිව්වනෙ පුංචි බේබි ඉස්කෝලෙදි ගුරු ගෞරවය තියල ගමේදි පුංචි බේබිගෙ ගෞරවේ තියනව කියල..."

" ඉතින් මේ ගම නෙවෙයිනෙ මිතිල...මේ නුවර... මට ගෞරව නාම ඕන්නෑ ... "

මම නිහඬවම පුංචි බේබි එක්ක ඇවිදන් ආව..මම පුංචි බේබිගෙ අතින් අල්ලල ඔරලෝසුවට එබුන..මං බලාගෙන පුංචි බේබි මං දිහාව බලාගෙන ඉන්නව..

" බේබිලව ස්පර්ශ කරන්න තහනංලු..."

" ස් සමාවෙන්න පුංචි බේබි......."

" විහිලුවක් කරේ බොල....." පුංචි බේබි හිනා උනා...

" 3 ටත් ලඟයි ... මිතිල.... බඩගිනි නැද්ද....මාලිගාවෙන් පිට වෙලා සෙරෙප්පු නැති කකුල් වල සනීපෙ හිත හිත වෙනම ලෝකෙක හිටපු මම පියවි සිහියට ආවෙ පුංචි බේබිගෙ කටහඬට.

"ඈහ්......"

" ඈහ් නෙවෙයි...බඩගිනි නැද්ද...."

" බඩ ගින්නක් නං එනවා..... "

" එහයෙන් මොනා හරි අරං දෙනකල් පොඩියට මොනා හරි අරං දෙන්නද...."

" එපා මං ගාව සල්ලි තියනව...."

" පැහෙන්නැතුව හිටපන් මිතිල... මොනාද ඕනෙ ... "

" ඕන දෙයක්......"

" ම්ම්ම් පැනිරස මොනවද ඕනි...."

" දෝසි...." ගත්ත කටටම මට දෝසි කියවුනා...

" හ්ම් ඔහොම්ම ඉන්නකො....."

පුංචි බේබි ගියෙ පාර එහා පැත්තෙ තිබුන පොඩි කඩ පේලියක් ලඟට....මාලද වලලුද නොයෙක් නොයෙක් දේවල් දිහා මම වාහනේ ඉඳන් බලා හිටිය...පුංචි බේබි රසකැවිලි කඩේක එහාට මෙහාට යනවා එනවා කැවිලි තෝරනවා නිමක් නෑ.. ගන්න ගැනිල්ලට මුලු කඩේම ගනි කියල හිතුන..ටික වෙලාවකින් පුංචි බේබි ආවෙ කවර ගොඩක් උස්සගෙන....

වසත් දා ස්වර 🎶🎻 ( Yizhan )  - 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✔️Where stories live. Discover now