01 🖤

107 7 0
                                    

අදත් සුපුරුදු  විදිහටම.....


ගෙවෙන්නෙ කී වෙනි දවසද මම දන්නෑ....වෙලාව කීයද කියන්නවත් මම දැනන් උන්නෑ....ඉන්නෙ කොහෙද මොන වගේ තැනකද....ඒ කිසීම දෙයක් මම දැනගෙන උන්නෑ...

දෙවියනේ...ඒ..කිසිම දෙයක් මගෙ හිතවත් මම වත් දැනගෙන උන්නෑ...

මම දන්නෙම මෙච්චරයි...හැමදාම එන විශාල ඇල්ලක් කියන්න පුලුවන් දේක සද්දයක්...උහුලන්න බැරි සීතලක්...
පුස් ගදක් එක්ක එකතු උන මලකඩ ගදක්....

දම් වැල් සද්දයක්...ඒ සද්දේ...මාවම බැදලා තියන දම්වැල්වල සද්දෙ...දම් වැල් වලට තුවාල වෙලා..පැසවලා ඉදිමිලා...තඩිස්සි වෙලා ගියපු අත පය විතරක් නෙවෙයි..මම දන්නවා..මගෙ මූන පවා විකුර්ති වෙලා ගිහිල්ලා ඇති...
මගේ ලේ වල ගද..කොටිම්ම කිව්වොත් මගෙ ඇගෙන් එන ගද මටම ඉවසන්න බැරුව දැන් සිය පාරක් විතර ඕක්කාර කෙරුවා...ඕක්කාර කෙරුවට යන්න දෙයක් තිබ්බෙත් නෑ...


අන්දකාරයි...කනාමැදිරි එලියක්වත් නෑ...

උන් එනවා...ඇවිල්ලා සුපුරුදු ප්‍රශ්න ටික අහනවා... ඒ කිසිම දේකට උත්තර නොදෙන මට උන් ගහනවා...හිතක් පපුවක් නැති ගානට...මට හිනා ගියා...කට කොනින්...

ඒ..අහන ප්‍රද්න වලට..කෝ දෙන්න උත්තර...උත්තර දෙන්න උනත් හත්තිලව්වේ...කො..මට පනක්...

කවදාවත් අඩන්න හිතලවත් ඇති මගේ ඇස් අගින් කදුලක් වැටුනා...මම දන්නවා මේ කදුලු පොලවටත් බර ඇති.

මේ වෙන හැම දේටම තියෙන්නෙ එකම හේතුවයි....!

ඒ උබ...මගෙ ජීවිතේම කෑවා...උබ මගෙ ජීවීතේම කෑවා බං...

උබේ නිරුවත ලග මම පිස්සෙක් උනා...
මම උබව වින්දා...
මට ඕනෙ හැම දේම මම උබෙන් ගත්තා...

ඒත් මම අනිත් පැත්තට උබට ජීවිතේ දුන්නා...උබට ජීවත් වෙන්න මම හේතුවක් දුන්නා...උබේ ජීවිතේ රැක ගන්න පොර බැදුවා..ගල් හිතක් උනත් මෙලෙක් වෙනවා මහත්තයෝ..කියලා ඔලුව අතගාපු උබ ගාව මම නොදරුවෙක් ගානට හැසිරුනා...කොටිම්ම ගල් හිතක් තිබ්බ මම උබට ආදරේ කරා...

උබ නිසා මම මරාගෙන මැරෙන තැනට වැටුනා...කොටිම්ම උබ නිසා මම මිනීමරුවෙක් උනා..උම්මන්තකයෙක් උනා..ලේ වලට වහ වැටුනා...උබේ නිරුවත ගාව ගත්ත සතුට දැන් මම ලේ වලින් ගන්නවා..ලේ දැක්කම මට එදා උබ ගාව ඉද්දි දැනුන සතුට ඒ විදිහටම නොව්නත්...හිත නිවා ගන්න පුලුවන් සතුටක් උනා....

EVIL LOVE  (yizhan) 🖤Where stories live. Discover now