03🖤

55 8 0
                                    

අන්දකාරයි....

අන්දකාරෙට මගෙ ඇස් හුරු නෑ...අන්දකාරෙට මගෙ ඇස් ආගන්තුක උනා..මම හිටියෙත් අන්දකාරෙ...

හෝරා කීයක්ද හිතාගන්න බෑ...මට සිහිය නැතිඋනාට පස්සෙ උන කිසිම දෙයක් මම දන්නෑ...මම ඔලුව අත් දෙකෙම්ම බදාගත්තා..මම ඉන්නෙ බිමක.. මට දැනුනා..මගෙ ඔලුව නිකම් පුපුරන්න වගේ...

"ආ..යිශ්...මේ..මොන මගුලක්ද.."

මගෙ ඔලුව..මම මගෙ ඔලුව දෙපැත්තට ගැසුවා..මම උත්සාහා කරා..මේ කලුවරට මගෙ ඇස් දෙක හුරුකරගන්න..ටික වෙලාවක් එහෙම්මම හිටපු මම නැකිට්ටා..මගේ ලග තිබුනෙ මේසයක්..මේසෙ අල්ලගෙන නැකිට්ට මම විසි වෙලා ගියා..

දරාගන්න බැරි ඔලුවෙ කැක්කුම ඔක්කොටම වඩා හපන් උනා..මම ඉන්නෙ..කොහෙද මේ..

අහ්..මගෙ ෆෝන් එක මම සාක්කුවට අත දාලා බැලුවා..ඒක නෑ..මගෙ ෆෝන් එක කොහෙද..

වට පිට බැලුවට කිසිම දෙයක් තිබුන්නෑ...යන්තම් යන්තම් කරුවලට ඇස් හුරුවෙනකොට මම බැලුවා...මුලු කාබරේටම තිබුනෙ මේසයක් විතරයි..හැබැයි දොරවල් දෙකක් තිබුනා දෙකම වහලා..

මම දොර ලගට දිව්වා...අනේ ඒක ලොක් කරලනෙ..මම මගේ උපරිම හයිය දාලා දොර ඇරගන්න උත්සාහාකරා..බෑ තේරුමක් නෑ..කෑගහන්නත් බෑ...මුන් දැනගත්තොත් මට සිහිය ඇවිත් කියලා ඊලගට මොනවා වෙයිද...

මම අනිත් දොර දිහා බැලුවෙවත් නෑ...උන් මෝඩයෝ නෙවෙයිනෙ..මේ දොර වහලා ඒදොර ඇරලා යන්න..මම එහෙම්මම බිත්තිය දිගේ රූටලා බිම ඉද ගත්තා..

ටක්..

ටක්...

ඔහ්..ශිට්..උන් එනවද...

මට කරන්න දෙයක් හිතා ගන්නවත් බැරි උනා..එක පාරට ආව අඩි සද්දෙ එක්ක හීන්දාඩිය දාද්දි..මම හිටපු තැනටම ගිහිල්ල බිම ඉද ගත්තා...ඒත් ආපු කෙනා දොර ඇරියේ නෑ..ඒත් එක්කම මට කටහඩක් ඇහුනා..ආව කෙනා කවුරු උනත් එයා හිටියේ කෝල් එකක...

"ඔව් බොස්..මම ගිහිල්ල බැලුවා උට තාම සිහිය නෑ..පොරට සැරටම වැදිලා වගේ.."

"........."

"හරි බොසා බය වෙන්න දෙයක් නෑ..කෙරුනා කියලා හිතා ගන්න.."

EVIL LOVE  (yizhan) 🖤Tempat cerita menjadi hidup. Temukan sekarang