02 🖤

84 4 0
                                    

Shanuka pov....

(ශනුක ජානුල්‍ය ,  නුවර මහ රෝහලෙ වෛද්‍ය වරයෙක් )

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(ශනුක ජානුල්‍ය ,
  නුවර මහ රෝහලෙ වෛද්‍ය වරයෙක් )


සීතලයි.......




මම හිටියෙ එලියේ....කොරිඩො එකට වෙලා...නිමක් නොපෙනෙන කල්පනාවක ගිලිලා...වෙලාවකට මටවත් හිතාගන්න බෑ...මට මෙච්චර කල්පනා කරන්න දේවල් කොහෙන්ද කියලා...ඒත් වෙලාවකට හිතෙනවා මට කල්පනා නොකරන්න තියෙන්නෙ මොනවද කියලා...

මට ප්‍රශ්න නැතුව නෙවේ...මට ප්‍රශ්න ගොඩයි...එකක් කියලා නෑ....

මම බලාගෙන හිටියා...වහිනවා..
මේ වැස්ස ඒකට මම හරී ආසයී...වැහි බින්දුවකට තියන නිදහස අපි කාටවත් නෑ කියලා හිතෙනවා....ඔහේ කඩාගෙන හැලෙනවා....සමහර විට එයාලා ආස ඇති එහෙම ගිහිල්ලා එයාලට හම්බ වෙන අලුත් තැනට...තනියම ආවට..එයාලට අන්තිමට ගොඩක් අය හම්බ වෙනවා...ඒත් මට...කවුරුවත් නෑ...හිටියට ඒගොල්ලන්ට මං ගැන බලන්න වෙලාවක්නෑ මගේ ජීවිතේ මං ගැන හොයලා බලන්න ඉන්නෙ තාත්තා විතරයි...එත් එයත් ඩුබායි වල....

මම නම් කියන්නෙ ලෝකෙ කිසිම කෙනෙක්ට තමන් තනි වෙලා කියන හැගීම දැනෙන්න හොදනෑ.. ඇත්තටම ඒක මාර වේදනාවක්...හැබැයි ඒ හැගීම මම අන්තෙටම විදලා තියෙනවා..
තාමත් විදිනවා...

මම එහෙම්මම එතන තිබුනු පුටුවකට හේත්තු උනා...මට දැන් තමයි රෙස්ට් එකක් ගම්බ උනේ...මට මහන්සී...

මට නිදහසක් හම්බ උන හැම වෙලාවකම..මම කරන්නෙ කෝපි කෝප්පයක් පුරෝලා හදාගෙන..බොන ගමන්..නිදහසේ කල්පනා කරන්න..හිතන එන ඕන ලබ්බක් ගැන කල්පනා කරන්න...

අදනම් හරි වාසනාවන්ත දවසක්....ඇයි කියලද බැලුවෙ...මට හම්බුන නිදහස් වෙලාවෙ..නිදහසක් හොයාගෙන මගෙ ලගම යාලුවෙක් ඇවිල්ලා නිසා...වැස්ස එයා තමයි මගේ ජීවිතේ මට ලගම යාලුවා...ඕන තරම් දුක කියලා ඇති මම..ඒත් එයා නෙවේ ඇතී...ඕක නවත්තන්න කිව්වේ..ඕක මහ කරදරයක් කිව්වේ....එයා හිනා උනේවත් නෑ මාත් එක්කම ඇඩුවා මිසක්...


EVIL LOVE  (yizhan) 🖤Donde viven las historias. Descúbrelo ahora