AMORE🍁❶

774 81 84
                                    

' සියලුම විදුලි පහන් ඔබ වෙනුවෙන් බබළයි, එය නගර දර්ශනය මධ්‍යයේ ලා නිල් පැහැයෙන් පෙනේ. ' - Salvatore♥︎

සීතල සුළං රැල්ලක් මොන්ටේෆොලෝනිචො ගම්මානය පුරා හමාගෙන ගියේ දෙසැම්බරයේ සීතල ආරම්භය ගම්වැසියන්ට සිහිපත් කරන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සීතල සුළං රැල්ලක් මොන්ටේෆොලෝනිචො ගම්මානය පුරා හමාගෙන ගියේ දෙසැම්බරයේ සීතල ආරම්භය ගම්වැසියන්ට සිහිපත් කරන ගමන්. උදේට ගොවිපලවල් වල මිනිසුන් පාන්දර සීතල නොතකා එදිනෙදා වැඩ කටයුතු කරේ සීතලට ඔරොත්තු දෙන විදියට ඇඳුම් ඇඳගෙන වුවත් සීතලට ඒ ඇඳුම් කිසිම බාධාවක් වුනේ නැහැ. සෑම කඩයකම දුම් කවුළු වලින් දුම් දාන්න පටන් ගත්තෙ ඔවුන් ද රාජකාරීයට සූදානම් වෙමින් කියන පණිවිඩය පෙන්වමින්. ගම්මානයේ සෑම නිවසක්ම මේ වෙද්දිත් ආලෝකමත් වෙලා තිබුනා.

ගමේ කෙළවරට වන්නට පිහිටා තිබෙන ගඩොල් වලින් නිම කරන ලද ලස්සන කුඩා නිවසේත් දුම් කවුළු ඉර නගින්නත් කලින් හැමදාම ක්‍රියාත්මක වෙලා තිබුනා. ගමෙන් ටිකක් ඈතින් පිහිටලා තියෙන නිසා ඒ නිවස ගැන ගම්මානයේ කිසිම කෙනෙක්ගේ අවධානයට ලක් වුනු නිවෙසක් නෙමේ. නිවසේ අයිතිකාරයත් ගම්වැසියෝ හරියටම දැකලා තිබුනේ නැහැ. ගම්මානයේ පල්ලියට අයිති වූ නිවසක් වුනු ඒ ගෙය හැදින්වූයේ ගම්මානයේ 'casa d'angolo' ලෙසයි. එනම් 'කෙළවර නිවස' ලෙසයි. නිවසත් අයිතිකාරයත් දෙන්නම නමට ගැලපෙන්න හැඩගැසීමත් එයට විශේශ හේතුවක් වුනා.

 නිවසත් අයිතිකාරයත් දෙන්නම නමට ගැලපෙන්න හැඩගැසීමත් එයට විශේශ හේතුවක් වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
S A L V A T O R E || TAEKOOK Where stories live. Discover now