AMORE🍁❸

245 49 138
                                    

' මම යන කෝච්චිය ඔයාට මග හැරුණා නම්,
මම ගියා කියලා ඔයාට තේරේවි..
ඔබට අසන්නට පුලුවන් සැතපුම් සියයක් විතර විසිල් සද්දේ ඇහෙනවා.'
-Five Hundred miles♥︎


අඳුරු වලාකුළු වලින් ඉතාලි අහස හැඩ වෙද්දි කළබලකාරී නගරය තවත් කළබලකාරී වුනා. කලු වළාකුළු අහස හැඩ කරද්දි සුළඟත් නගරය පුරා අස්සක් මුල්ලක් නෑර වේගෙන් හමාගෙන ගියේ දරුණු වැස්සක පණිවිඩය අරගෙන. බස් රථයෙන් ඈතට යන කළබලකාරී නගරයේ සිතුවම දිහා හිස් බැල්මකින් බලපු ජන්කුක් වීදුරුවේ ඇඳුනු ඔහුගේ ඡායාවට නෙත් යොමු කරා.

 බස් රථයෙන් ඈතට යන කළබලකාරී නගරයේ සිතුවම දිහා හිස් බැල්මකින් බලපු ජන්කුක් වීදුරුවේ ඇඳුනු ඔහුගේ ඡායාවට නෙත් යොමු කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුරුදු ගානකට කලින් දිලිසීමක් නැති ඒ ඇස් දෙක ආයේම ලාවට දිලිසෙන්න අරගෙන. අවුරුදු ගානක් හිස් බැල්මක් තිබුණු ඒ දෑස් ලාවට බලාපොරොත්තුවකින් දිලිසෙන්න අරගෙන. ජනේලයෙන් පෙනෙන තමන්ගේ වෙනස දිහා බලපු ඔහු නැවතත් ඈතින් පෙනෙන කලුවට සැරසුනු අහස දිහාවට අවධානය දුන්නා.

හිතුවක්කාරෙට අහස පුරා දුව ඇවිදින වළාකුළු වලින් එක දෙක වතුර බිංදු වැටෙද්දි ජනේලයෙන් පෙනුනු තමන්ගේ රූපේ පෙනි නොපේනි ගියේ වැස්සෙ බලපෑම කෙතරම්ද කියලා පෙන්නන ගමන්. වැස්සකට පුලුවන් වුනානම් මෙතෙක් පෙනුනු රුවට බලපෑම් කරන්න තවත් කෙනෙක්ගේ වචන වලට,ක්‍රියාවන්ට පුලුවන්ද දිලිසීම අතුරුදහන් වුනු ඇස් වලට බලපෑමක් කරන්න? දිලිසීමක් ගේන්න? ඔව් ජන්කුක් කල්පනා කරා.

බස් රථයෙන් බැහැලා වැස්සෙම ගම්මානයේ ගඩොල් පාර දිගේ ගමන් කරද්දි ජන්කුක් කල්පනා කරා. සීතල සුළං රැළි ගත දැවටෙද්දි, වැස්සෙ සීතල ගත පුරා ගමන් කරද්දි,හිරිකඩු
පිපෙන තරම් සීතල වැහි වතුර ඇඟ පුරා දුවද්දි ජන්කුක් කල්පනා කරා. ඉටිපන්දම් අයිතිකාරයා කිව්වෙ හැඟීමක් නැති ඇස් ගැන. ඉතින් හැඟීම්
මැරුණු ඇස් තියෙන මනුස්සයෙක්ට පුලුවන්ද දිලිසීම අතුරුදහන් වුනු ඇස් වලට දිලිසීමක් ගේන්න?සමහරවිට.

S A L V A T O R E || TAEKOOK Where stories live. Discover now