Episode 01

4 0 0
                                    

"බලනවකෝ අදත් තමුසෙලා දෙන්නා හින්දා පරක්කුයිනේ....ආයනම් කලින් ලෑස්ති වෙලා බස් එකේ යනවා හොඳද ? " සචින් හා රොශාන් තම නැගණියන් දෙදෙනාට කීවේය.

"හරි හරි අනේ....ආය පරක්කු වෙන්නේ නෑ....."දිව්‍යා කීවාය.

තම නැගණියන් දෙදෙනාව ඔවුන්ගේ ක්ලාස් එක ළඟින් බස්සවා ඔහු හා රොශාන් ඔවුන්ගේ Hockey පුහුණුවීම් සඳහා පිටත් විය.

" අඩෝ සහන් උබ කලින්ම ආවද බන් ? අදනං වහී වගේ " සචින් සිනාසෙමින් කීය.

"මං කලින් ආවේ නෑ උබලා තමා අද පරක්කු වෙලා ඇවිල්ලා තියෙන්නේ....."සහන් කීවේය.

සචින්....සචින් ආදිත්‍ය...සචින් තමා මගේ පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවා....දැන් සචින්ට වයස 22යි.College එකේ අන්තිම අවුරුද්දේ ඉගෙන ගන්නේ.....සචින් වලිවලට යන්න ගොඩක් කැමතියි.....ඒත් කවුරුත් සචින් එක්ක වලි දාගන්න එන්නේ නෑ....මොකද උන් දන්නවා මූත් එක්ක වලි දාගත්තොත් බේරුමක් නෑ කියලා....ඒත් එකපාරක් කාත් එක්ක හරි වලියක් දාගෙන මූණ පතුරු ගහන් හිටියා මට මතකයි....සචින් මොනාවුණත් එයාගේ මල්ලිටයි , නංගිලා දෙන්නටයි ගොඩක් ආදරෙයි.....ආ තව දෙයක් සචින් Hockey Play කරන්නත් මාර දක්ෂයි....ඒක හින්දාම තමා සචින් Kandy Team එකේ Captain විදිහට ඉන්නේ.....

සචින් , රොශාන් Hockey පුහුණුවීම් අවසන් කර නිවසට පැමිණෙයි....ඊට ටික වේලාවකට පසු ඔවුන්ගේ නැගණියන් වන දිව්‍යා සහ ඉශිනිද ක්ලාස් අවසන් වී නිවසට පැමිණියේය....
______________________________________

🌐දැන් අපි කතා කරමු සචින්ගේ පවුලේ විස්තර....

සචින්ට නංගිලා දෙන්නෙක් ඉන්නවා.ලොකු නංගී තමා ඉශිනි.එයාට දැන් වයස 19යි.එයා English Cause එකක් කරන ගමනුයි ඉන්නේ.ඒක තියෙන්නේ දිව්‍යාගේ ක්ලාස් එකට එහාපැත්තෙන්.පොඩි නංගී තමා දිව්‍යා එයාට වයස 18යි.එයා ඉස්කෝලේ A/L Commerce පන්තියේ තමා ඉගෙන ගන්නේ....

සචින්ට මල්ලි කෙනෙක් ඉන්නවා.....එයා තමා රොශාන් කියන්නේ....සචින් මෙයාට මල්ලී...මල්ලී....කිව්වට දෙන්නම ඉස්කෝලේ එකම පන්තියේ තමා හිටියේ...මොකද රොශාන් ජනවාරි මාසේ ඉපදුණ නිසා.....

මෙයාලට තාත්තා නෑ....මොකද තාත්තා පොඩි කාලෙම Accident එකකින් නැතිවෙලා තියෙනවා....අම්මා විතරයි ඉන්නේ....ඒත් තාත්තා හොඳ සල්ලිකාරයෙක් නිසා මෙයාලා කිසිම අඩුපාඩුවක් නැතිව ජීවත් වෙනවා....
______________________________________

"අම්මේ බලන්නකෝ අදත් නංගිලා හින්දා අපිට පරක්කු වුණා....Coachගෙන් බැනුනුත් ඇහුවා....."සචින් හා රොශාන් කීවේය.

"මාත් කිව්වා පුතේ අයියලාට පරක්කු වෙනවා ඉක්මනට යන්න කියලා....කොහෙද ඉතින් හැඩ වැඩ වෙවී ඉන්නවා මිසක්....පරක්කු වෙනවා කියලා ගාණක් නෑ....."අම්මා කීවාය.

"ඊළඟ දවසේ නම් නංගිලාට බස් එකේ යන්න කියන්න හොඳේ පරක්කු වෙනවනං"සචින් කීවේය.

"හරි හරි දැන් ඔය කතාව ඇති,දැන් රෑත් වෙලා කාලා නිදාගන්න....."අම්මා කීවාය.
____________________
මතු සම්බන්ධයි......
-------------------------------

The TwinsWhere stories live. Discover now