Episode 02

0 0 0
                                    

"අම්මේ , අපි යනවා....නංගිලා එනකම් බලන් ඉන්න බෑ......"සචින් කීවේය.

"හරි හරි යනවා....අපි බස් එකේ යන්නම්...."දිව්‍යාද උස් හඬින් කීවේය.

සචින් හා රොශාන් Hockey පුහුණුවීම් සඳහා පිටත්විය.ටික වේලාවකින් ඔවුන් Hockey පුහුණුවීම් පවත්වන ස්ථානයට ළඟා විය.

"සචින් , ඔහොම්ම හැරිලා ගෙදර යන්න....අද Practice නෑලු....මේ Ground එක හදන්න පටන් ගන්නවලු අද....."සහන් එසේ කීවේ තරමක් දුකින්‍ ය.

"සර් , ඇත්තද මේ සහන් කියන්නේ...."සචින් ඇසුවේ පුදුම වූ දෑසින්‍ ය.

"ඔව් සචින් , ටික දවසකට අපිට මේ Ground එකේ Practice තියන්න වෙන්නේ නෑ.....එතකම් ඔයාලා හැමෝටම නිවාඩු...."Coach කීවේය.

"හරි සර්, එහෙනම් අපි යන්නම්"සචින් එසේ පවසා සර්ට වැඳලා ආපහු නිවසට යන්නට පිටත් විය.

"අයියේ මේ , පොඩ්ඩක් අර Coffee Shop එකේ නවත්තලා , Coffee එකක් බීලායන්ද?"රොශාන් එසේ ඇසුවේ අමුතු සිනාවක්ද පාමින්‍ ය.

"උබට පිස්සුද බන් ? මේ රස්නේ Coffee බොන්න...."සචින් රොශාන්ගෙන් ඇසුවේය.

"කවුද කිව්වේ ඉතින් , උණු Coffee බොමු කියලා , අපි Ice Coffee එකක් බොමු...."රොශාන් කීවේය.

සචින් රොශාන්ගේ පෙරැත්ත නිසාම Coffee Shop එකට ඇතුළු වී එතැන තිබූ පුටුවකින් වාඩි වූවේය.

"අපිට Ice Coffe 2ක් ගේන්න"සචින් Shop එකේ සිටි කෙනෙක්ට කීය.

"මේ අහපන්කෝ අයියේ , මං ඔයාව එක්කන් ආවේ , Coffee බොන්නම නෙවේ...."රොශාන් එසේ කීවේ සචින් දෙස හොරෙන් බලමින්‍ ය.

"එහෙනම් මොන මගුලකටද ආවේ...."සචින් රොශාන් දෙස තරහෙන් බලමින් ඇසුවේය.

"ඔ...ඔයාට පේනවද ? අර අතන Cashier එක ළඟ ඉන්න කෙල්ලව....එයාට තමා මං කැමැත්තෙන් ඉන්නේ....එයාව පෙන්නන්න තමා ඔයාව එක්කන් ආවේ....."රොශාන් සචින්හට එසේ කීවේ ටිකක් බියෙන්‍ ය.

"මං හිතුවා ඕවගේ එක්කට තමා...එක්කන් එන්න ඇත්තේ කියලා.....දැන් උබට ඕනේ ඒ කෙල්ලව සෙට්කරගන්නනේ...."සචින් රොශාන්ගෙන් ඇසුවේය.

"ඔව්....එයාට වයස 20යි,එයාගේ නම කවීෂා ,මං එයත් එක්ක කතා කරලත් තියෙනවා,දැන් අපි හොඳම යාළුවෝ වගේ,දැන් අන්තිමේට මට එයාගෙන් අහන්න ඕනේ ඔයා මට කැමතිද කියලා....."රොශාන් සචින්ට කීවේය.

"ඉතින් අහපන්කෝ බයනැතුව...."රොශාන් කීවේ සිනාසෙමින්‍ ය.

"බෑ අයියේ,මට එයා ළඟට ගියාම බයෙන් ඇඟ හිරිවැටිලා යනවා...."රොශාන් කීවේය.

ටික වේලාවකින් Coffee Shop එකේ හිටිය රොශාන්ව දැක්ක කවීෂා රොශාන් ළඟට ආවේය."කොයි වෙලාවෙද ආවේ,මට කිව්වෙවත් නෑනේ අද එනවා කියලා"කවීෂා කීවේය.

"Sorry කියන්න බැරි වුණාට,මේ මගේ අයියා"රොශාන් සචින්ව පෙන්වමින් කීවේය.

"ආ එහෙමද ? හලෝ කොහොමද අයියේ?" කවීෂා ඇසුවේය."හොඳයි නංගී අවුලක් නෑ..."සචින් කීවේය.

"මේ එහෙනම් අපි යමුද ?"සචින් එසේ ඇහුවේ Ice Coffee එක බී අවසන් වෙනවාත් සමඟයි.

"රොශාන් මට ඔයත් එක්ක පොඩ්ඩක් තනියෙන් කතා කරන්න පුළුවන්ද ?"කවීෂා එසේ ඇසුවේ සචින් දෙස බලමින්‍ ය.

සචින් රොශාන්ගේ කනට ළං වෙමින් "වැඩේ හරි වගේ කොල්ලෝ , දැන්ම උබේ හිතේ තියෙන දේත් කියපන්" සචින් එසේ පවසා Coffee Shop එකෙන් එළියට ගියේය.

"ඔයාට Gf කෙනෙක් හරි , Crush එකක් හරි ඉන්නවද ? " කවීෂා එසේ ඇසුවේ ලැජ්ජාශීලිවය.

"Gf කෙනෙක් නම් නෑ....හැබැයි Crush එකක් නම් ඉන්නවා...."රොශාන් කීවේය.

"ඔහ් , එහෙමද ? එහෙනම් ඉතින් වැඩක් නෑ....ඔයා යන්න,මාත් යනවා...."කවීෂා එසේ කීවේ බලාපොරොත්තු සුන් වූ හඬකින්‍ ය.

"ඔහොම පොඩ්ඩක් ඉන්න,මට Crush එකක් ඉන්නවා කිව්වට...ඒ කවුද කියලා ඔයාට දැනගන්න ඕන්නැද්ද?..."රොශාන් ඇසුවේය.

"අනේ මට මොකද කවුරු වුණත්"කවීෂා එසේ කීවේ ඇය තුළ ඇති වූ දුක නිසාය.

"ඔයාට තේරෙන්නේ නැද්ද?මාස තුනක් තිස්සේ මෙච්චර ඉඟි කරලත්, මගේ Crush එක ඔයයි මෝඩියේ....මං ඔයාට ආදරෙයි...."රොශාන් තම සිතේ තිබූ හැමදෙයක්ම ඒ අවස්ථාවේදී කියා දැමුවේ තම සිතේ කිසිඳු දෙයක් ඉතිරි කරගන්නේ නැතිවය.

කවීෂාගේ බලාපොරොත්තු සුන් වී තිබූ සිත සතුටින් පිරී ඉතිරි ගිය අතර ඇය රොශාන්ව තදින් බදාගෙන "මාත් ඔයාට ආදරෙයි මෝඩයෝ"ලෙස ඉතාමත් සතුටින් කීවේය.

Coffee Shop එකෙන් එළියට ආ රොශාන් සිදු වූ සියල්ල තම අයියා වන සචින්ට පැවසුවේය.

"අම්මෝ , කොල්ලගේ සතුට,දැන් එහෙනං උබටත් කෙම්ලෙක් ඉන්නවා නේත? අහිංසක මට තමා නැත්තේ?" සචින් කිව්වේ සිනාසෙමින්‍ ය.

"හරි හරි ඔයාට නෑ කියලා මට එහෙම ඉරිසියා කරන්න එපා හොඳද ? " රොශාන් කීවේය.සචින් හා රොශාන් තම කාරයේ නැඟී තම නිවසට ගියේය.
_________________
මතු සම්බන්ධයි
---------------------------

You've reached the end of published parts.

⏰ Last updated: May 10 ⏰

Add this story to your Library to get notified about new parts!

The TwinsWhere stories live. Discover now