08 🥀

188 26 0
                                    

ඒත් ඇයි එයා එහෙම මවාගත්ත චරිතෙක ජීවත් වෙන්නෙ.....ඇයි ඇත්ත කෙනාව හංගගෙන ඉන්නෙ...මන් ඔහොම හිත හිතම පහළට යද්දි අරුන් සෙට් එක ෆිල්ම් එකක් බලනවා...යකෝ මේකි පාඩම් කරනව කියල නේද අපිව ගෙන්නගත්තෙ...දැන් මන් මාරු වෙනකම් බලන් ඉදලා මුන් ආතල් ගන්නවා...සක්කිලියො ටික.....

" තමුසෙලා මාව කපලා මෙතන ආතල් ගන්නව නේහ්.....කොතල හිඹුට්ටො ටික...."

" ආ තමුසෙ මෙච්චර වෙලා වොෂ් රූම් එකේ ඩිස්කො නැටුවද භල්ලො...."

" තමුසෙට ඒකෙන් වැඩක් නෑනෙ මල් බඹරො...මොකක්ද ඔය බලන්නෙ..."

" ටයිටැනික්..."

" අඩේ....සිරාවට...මටත් ඉඩක් දියන් ඔතනින්..."

මන් නවෝදයගෙ කරට අත දාගෙන හිටිය මිනෙතයව තල්ලු කරල එතනින් වාඩිවුනාම අපේ මල් බඹර කුලප්පු උනා...

" මොකක්ද සක්කිලියො ඒ කළේ....."

" කට වහගෙන බලපන් බන් "

අපි සෙට් එකම කට ඇරගෙන ටයිටැනික් බල බල ඉද්දි එකපාරටම ඒකෙ කෙල්ල උපන් ඇඳුමෙන් කොල්ලට කියල චිත්‍රයක් අඳිනවා.....නෝ කොටු කොටු.....ඒවා ඔක්කොම එහෙම්මම පේනවා...මන් හිමීට අපේ සැට් එක දිහා බැලුවා....මිනේෂි තයන්සා දෙන්නා අත් වලින් ඇස් වහගෙන....අනේ මුන්ගෙ බොරු විලිලැජ්ජාව....නවෝදයා බලාන්කො...මූ තයන්සගෙ පිටිපස්සෙ මූන හංගන්....අනේ අම්මප.....වල් මිනෙතයා....මූ කට ඇරන් තාමත් ටීවී එක දිහා බලාගෙන ඉන්නව...ඇත්තමයි....අපෙන් එකෙකි මේ මිනිසා...

මන් ටිකක් වටපිට බලද්දි දැක්කා පඩිපෙළ උඩ කවුරු හරි ඉදලා ඒ කෙනා යනවා වගේ...කවුද යකෝ මේ මහ දවල් හොල්මන් කරන ජීවියා.....මේ දවස්වල හරියට හොලමන් සීන් වෙනවා මට.....පොඩ්ඩක් ඉන්න.....පොර නිකම් තේජාන් අයියත් වගේ...ඒ කියන්නෙ ඒ මනුස්සයත් අපිත් එක්ක මෙතන ටයිටැනික් බලලද.....

~~~~

හම්මෝ....තව පොඩ්ඩෙන් මන් පඩිපෙළ උඩ මම වැටෙනවා....අර කොස් ඇටමීයා මාව දැක්කද දන්නෙත් නැහැ....මටත් පිස්සුනෙ...මන් මොකටද එතනට ගියෙ....ඇත්තටම මට පිස්සුවත් හැදීගෙන එනවද....මට මොකද නෙතූෂ් ඇඬුවත් නැතත්....මටත් පිස්සුනෙ එයා ආපහු අඬනවද බලන්න කියල ගියෙ....තව පොඩ්ඩෙන් වස නෝන්ඩියයි එයා මාව දැක්කනම්.....අනික මට මොකද එයා අඬාගන්න බැරිනම් මොනා කරගත්තත්...මන් හිතන්නෙ මට පිස්සු හැදීගෙන එනවද කොහෙද....ආයිශ්.....

~අනුරාගික සිත්~ || BL || NonficWhere stories live. Discover now