13 🥀

157 19 0
                                    

" අයියෙ ඔයා මේ අඬනවද....."

මන් හිතුව හරි...නෙතූෂ් දැක්කා මගෙ කඳුළු....මට ඕනනෑ මගෙ දුර්වලතාවයන් කාටවත් පෙන්නන්න....ඒත් නෙතූෂ් ඉස්සරහ මට දැනෙන්නෙ කියාගන්න බැරි තරම් පුදුම සැහැල්ලුවක්.....මන් එයාව බදාගෙන මන් හිර කරගෙන හිටපු ක‍‍ඳුලු සේරම පිටකළේ එයාගෙ අත් මගෙ පිට දිගේ සිනිදුවට එහෙ මෙහෙ යද්දි....මන් දන්නව එයා එහෙම කරන්නෙ මන් අඬනව කියල තේරුණ නිසා මාව සනසවන්න කියල....තාමත් මගෙන් කිසි හේතුවක් නොඅහා ඒ අත් මගෙ පිට දිගේ යද්දි මට තවත් හයියෙන් ඇඬුනෙ ඔයා ඇයි මන් ගැන මෙච්චර හිතන්නෙ කියල මගෙ මුළු ඔලුවම වෙලා ගනිද්දි.....මන් එච්චර වටින මිනිහෙක් නෙවෙයි නෙතූෂ් ඔහොම වදවෙන්න තරම්....

~~~~

මන් දැක්කා තේජාන් අයිය හොරෙන් එයාගෙ ඇස්වලින් වැටුණ කඳුලු පිහිදගත්තා මන් දකියි කියල...ඒත් ඒකෙන් කිසි වැඩක් උනේ නැත්තෙ මන් ඒක දැක්ක නිසා....කොහොමහරි ටිකක් මගෙ දිහා බලාගෙන හිටිය එයා එකපාරටම මාව බදාගත්තෙ මාව හොල්මන් වෙනකොට....මන් තවත් පුදුම උනේ මගෙ උරහිස තෙත් වෙනව කියල දැනුණ නිසා..හේතුව මොකක් උනත් එයා ඉන්නෙ ගොඩක් දුකෙන් කියල තේරුණ නිසා මන් එයාගෙ පිට හෙමින් පිරිමදින්න ගත්තෙ හිතේ හැටියට දුක පිටකරගන්න එයාට අවස්ථාව දීලා...එයාගෙ හැඬුම වැඩි වෙද්දි මට ඇත්තටම බය හිතුණා...තේජාන් අයිය කියන්නෙ අඬන්න තියා එහෙම ලේසියෙන් කා ඉස්සරහවත් හැඟීම් පිට කරන කෙනෙක් නෙවේනෙ....

" අයියෙ...."

මන් හිමීට එයාට කතා කළා...එයා මාව ඈත් කරල අනිත් පැත්ත හැරිලා කඳුළු පිහිදගත්තා..අනේ මන්දා කොච්චර නපුරුයි කියල පෙන්නන්න හැදුවත් තාමත් පොඩි එකෙක් වගේ....

" නෙතූෂ් මේ මට..."

එයාටත් අපහසුතාවයක් දැනෙන්න ඇති...මගෙ ළඟ ඇඬුව එකට.....එහෙම දෙයක් නෑ අයියෙ ඔයාට ඕනම දෙයක් මන් ඉස්සරහ කරන්න පුළුවන්....ඕන තරම් හිතේ තියන හැමදේම නැති වෙනකම්ම ඇති තරම් අඬන්න පුළුවන්......

" ඒකට කමක් නැ අයියෙ...ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද...."

මන් බැරිම තැන එහෙම ඇහුවෙ ඒ ප්‍රශ්නෙ මටත් බෙදාගන්න පුළුවන් එකක්ද කියල බලන්න..

~අනුරාගික සිත්~ || BL || NonficWhere stories live. Discover now