19 🥀

199 15 13
                                    

වෙනදා වගේ නෙවෙයි.....එලාම් දාහක් විතර තියලත් මළාට ඇහැරෙන්නෙ නැති මන් අද උදෙන්ම ඇහැරුණේ තේජාන් අයියව බලන්න යන්න තියන හදිස්සිය නිසාමයි....කොච්චර නම් හදිස්සිද කිව්වොත් නිදාගෙන ඉන්න අනිත් මිනිස්සු ටිකවත් ඇහැරුවෙ මම....ආ..ඇත්තටම කිව්වොත් අද ගමන නිසා රෑ අපි ඔක්කොම නැවතුනේ තේජාන් අයියගෙ ගෙදර.....මන් අපේ අයියා කියන ඩයල් එකගෙ කාමරේට යද්දි ඒකා ඇඳ බදාගෙන පස්සත් හරෝගෙන නිදි...මන් උගෙ පස්සට හොඳවයින් ශොට් එකක් ගහලා තමා ඕකව ඇහැරවගත්තෙ....ඊටපස්සෙ මන් ගියේ සඳරු අයිය ජයෝද් අයියා දෙන්නගෙ කාමරේට....මෙන්න යකෝ මුන් දෙන්නා ගැරඬි දෙන්නෙක් එතිලා වගේ නිදි...ඒකත් උඩු කය නිර්වත්‍රව.....අගෙයි....යටත් එහෙමද දන්නෑ...පොඩ්ඩක් ඉන්න...මුන් දෙන්න ඇයි මෙහෙම ඉන්නෙ....එතකොට දැන් මුන් දෙන්නා කපල් එකක්ද....මට ඕවා හිත හිත ඉන්න වෙලාවක් නැති නිසා මන් ළඟ තිබ්බ බෝතලේකින් උන් දෙන්නට දමලා ඇරියම උන් දෙන්නත් නැගිට්ටා...මන් දැන් ගියේ වැදගත්ම උන් දෙන්නව ඇහැරවන්න....ඒ මගෙ නසරාණි මිත්‍ර පරාණ දෙකව.....කොහොම හරි මන් ඒකුන් දෙන්නවවත් ඇහැරවගත්තෙ හෙන ගේමක් දීලා....අන්තිමට ඉතුරු වෙලා තියෙන්නෙ මිනෙතයගෙ ඉතුරු බාගෙ නේෂි කෙල්ල.......එයාගෙ කාමරේට යන එක හරි නැති නිසා මන් දොරටම තඩි බාලා ඒකිව ඇහැරවගත්තා...අනේ මන්දා තේජාන් අයියට පේනවනම් මන් එයා වෙනුවෙන් කන මේ කට්ට මට සම්මානයක් දෙයි.....කොහොම හරි හැම එකාම ලෑස්ති වෙලා එද්දි උදේ හතයි....


අපි සේරම අපෙ අයියා කතා කරගත්ත වෑන් එකකින් නුවර එළියෙ යන්න පිටත් උනා...මුන්ට නම් ඉතින් මේක තනිකර පික්නික් එකක් යනව වගේ...ඒ අස්සෙ නවෝදයා...


" මොහොතින් මොහොතට ගෙවෙනා කාලය...අ....අ...ගිනියම් ඉර....සඳ සිසිලස.....අ....අ....අතරේ....."


අපිත් ඉතින් නවෝදයට එකතු වුනා...අපි කට්ටියම සින්දු කිය කිය ආතල් එකේ ආවා...ඒ සින්දු වලට මට මතක් වුනේ අපේ ඉස්කෝලෙ කාලෙ....ඕලෙවල් ලියද්දි අපි ගත්ත ආතල්...මන් මිනෙතයා නවෝදයා කට්ටි පනින ඒවා...ඒවලට තයන්සා නේෂි දෙන්නගෙන් කන පැලෙන්න අහගන්න විදිය...ඕලෙවල් ලියන අන්තිම දවස්වල මගෙ secret crush තේජාන් අයියව පිනාට පින් සිද්ධ වෙන්න අහම්බෙන් මුනගැහුණ හැටි....එයා මට නිතරම පුප්පද්දි මාත් අනිත් පැත්තට රවපුවා...අපේ වලි...අන්තිමට මන් එයාගෙන් පාඩම් අහගත්ත හැටි...අපි හොඳ යාලුවෝ වුන හැටි...මන් එයාට හිතෙන් ආදරේ කරද්දි එයා ඇවිත් මටම කැමැත්ත කිවුව හැටි...අපි ආදරේ කරපු කාලෙ..අන්තිමට...අන්තිමට අපි සතුටින් හිටිය දවස් ටික...මේ හැම මතකයක්ම මට චිත්‍රයක් වගේ මැවිලා පෙනුණා...

~අනුරාගික සිත්~ || BL || NonficWhere stories live. Discover now