4📌️

28 4 15
                                    


විනෝද් වෙනදට නැගිට්ටෙ දහයට විතර උනත් අද කලින්ම නැගිටලා..... කොහෙ යන්නද මේ හදිස්සියෙ ලෑස්තිය ? හොඳට ඇඳගන විනෝද් ගෙයින් එලියට බැස්සෙ අද ගිහින් ඊයෙ වෙච්ච දේට මතීශගෙන් සමාවගන්න... තිබ්බ කාර් කලෙක්ශන් එකෙන් තිබ්බ ලස්සනම කාර් එක තෝරගත්ත විනෝද් ලෑස්ති වෙලා කා එක එලියට ගද්දිම එතනට ආවෙ අහස් එක්ක රයන්..

විනෝද් අයිය උදෙම්ම කොයිද යන්නෙ අනේ....

ඇත්ත කිව්වොත් අහස්ගෙ හිත රිදෙනව... බොරු කිව්වොත් ? මොකද අහස් කියන්නෙ විනෝද්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉතින් එයාගෙ මූණටම කොහොමද කොල්ලෙක්ගෙන් සමාවගන්න යනව කියන්නෙ ? ඒකත් මේ මුළු කාලෙම විනෝද්ගෙයි තාත්තගෙ මිනීමරුවගෙ පුතයි, අහස්ගෙ තාත්තා එක්තැන් වෙන්න හේතුවයි කියල මරන්න හොය හොය ඉඳපු කොල්ලා ? අහස්ට හිතේවි සමහරවිට එයාගෙ විනෝද් අයිය එයාට වංචාවක් කලයි කියල... ඉතින් එහෙම එකේ.... විනෝද් බොරු කියන්න තීරනේ කලා....

මං ඩැඩාගෙ සෙමෙට්‍රි එක බලල එන්නං...

ඉතින් එහෙනං මාත් එන්නං...

අහස් මැද්දට පැන්න.. විනෝද්ගෙ හිතට දැන් අහස් ගැන තිබ්බ හැඟීම දිගටම කලකිරීමක් වෙද්දි.... ඒ බැඳීම ඇතුලෙ අහස් විනෝද්ව ඒ කිව්වෙ විනෝද් අක්ශිත සේනාධීරගෙ ක‍ලු චරිතෙ වෙච්ච '' බ්ලැක් ශැඩෝව'' කන්ට්‍රෝල් කරන්න යන බවක් ලාවට හැමෝටම තේරෙන්න අරන් තිබ්බා... අහස්ව අහකට කරපු රයන් කතා කරා...

ඔයා ඇතුළට යන්න ළමයො... විනෝද් තනියම යන්න ඕනෙ නං ගිහින් ඒවි....

හ්ම්ම් පරිස්සමට විනෝද් අයියෙ එහෙනං...

හරි බබා... මොනාහරි ගේන්නම් එද්දි...

ඕකේ!.


අහස් ඇතුලට යද්දි රයන් කාර් එකේ ජනේලෙන් ඇතුලට එබුන...

ඊයා උඹ ගාව කුණුකෙල ගඳයි වුත්තො...

ඉතින් මොකො... උඹ අලුත් කෑල්ලක් සෙට් කරගන්න යනවද ?

කෑල්ලක් ? පිස්සුද බං..මං කෙල්ලොන්ට ආස නැ...

කෑල්ල කියල කොල්ලෙක්ට කිව්වොත් ? උඹ යන්නෙ මතීශයව බලන්න නෙහ්...

ම්ම්... ඊයෙ වෙච්ච දේට මගෙ හිතේ ලොකු නරක හැඟීමක් තියනව බං... ඒ හින්ද මං ගිහින් සමාව අරන් එනව... ආයෙ ඌ ගැන හොයන්නෙ බලන්නෙ නැ...උගෙන් කරදරයක්නෑ..

Mr. Mysterious! || yizhan (slow update)Where stories live. Discover now