1🍁

43 7 0
                                    


" ඔයාට මාව මතක් වෙන්නෙවත් නැද්ද වස්තු... දන්නවද අදට අපි වෙන් වෙලා අවුරුදු තුනක්.."

සිත්රූ හිටියේ හැන්දෑ අහස දිහා බලාගෙන සෑහෙන්න ලොකු කල්පනාවක..  එයාගේ phone එක අතේ තියෙද්දි ඒකේ whatsapp එක ඇතුලේ open වෙච්ච එක චැට් එකක් තිබුනා..

උඩින්ම "මගේ අයියා" කියලා save කරපු ඒ  contact number එක ලගින් තව කොල පාට හාට් එකකුයි ලෝක ගෝලෙකුයිත් තිබුනා..ඒත් profile picture එකක් තියා මොකුත්ම නැති කලු පාට හිස්තැනක් එක්ක..

කොල්ලා මැසේජ් සිය ගානක් යවලා තිබ්බත් ඒත් එක මැසේජ් එකක්වත් ඒ නම්බර් එකේ අයිතිකාරයට ලැබිලා නෑ.. හරි දෙකක් එක්ක නිල් පාට වෙන මැසේජ් එකක් වෙනුවට අද තියෙන්නේ ඒ මැසේජ් එක යටින් නිකම්ම නිකම් හරි කෑල්ලක් විතරයි..

" සුද්දා අයියේ මොකෝ  ඔය වෙල අයිනට වෙලා කරන්නේ.. මෙන්න මෙහෙ එනවා කරුවල වැටෙන්න කලින්.."

ගේ ලගටම වෙන්න තිබ්බ වෙල අයින වෙලා phone එක දිහා බලාගෙන අනිමිසලෝචනයක ඉදපු සිත්රූ කොල්ලව ගැස්සිලා යන්නම තරම් සද්දෙන්  කෑ ගැහුවේ සිහිනි.. කොල්ලගෙ එකම නංගී..

" මන් එන්නම් බං.. උබ පැහිච්ච ආච්චි වෙන්නේ නැතුව ගෙට යනවකෝ.."

" කොච්චර ඔය ෆෝන් මගුල දිහා බලන් හිටියත් වැඩක් නෑ අයියේ.. දැන් ඒ මුස්ලිම් කොල්ලා මෙලහට බැදලත් ඇති.."

"අනේ කියන තැනකට වදින්නම් පොඩ්ඩක්  මට පාඩුවේ ඉන්න දීලා පලයන්කෝ නංගී.."

කෙල්ලට ඕන උනේ කොහොමහරි ඇත්ත තේරුම් කරලා හරි අයියගේ හිත හදන්න වුනත් ඒකෙන් පවා වුනේ සිත්රූ අමාරුවෙන් කෑලි කෑලි අමුණගෙන හදාගත්ත හිත හත් කඩකටම පැලිලා ගිය එක..

" උබ ඇත්තටම වෙන එකියක්ව බැදලා ඇතිද මගේ අයියේ.. ඒකද මාව මෙච්චරටම අමතක වුනේ.. දන්නවද ඔයාගේ ලේන් පැටියා දැන් ලොකු කොල්ලෙක්.. එයාට දැන් ජොබ් එකකුත් තියෙනවා..ඉස්සර වගේ රස්තියාදු ගහන්න යන්නෙත් නෑ.. ඔයාව කේන්තිගස්සන වැඩ කරන්නෙත් නෑ.. මන් ඔයා කිව්වා වගේම හොද කොල්ලෙක් වුනා අයියේ.. අනේ දැන්වත් මන් ලගට එන්නකෝ දෙයියනේ.. "

කොල්ලගේ ඇස් දෙකෙන් මහ වැව වාන් දානවා වගේ කදුලු වැක්කෙරුනේ එයා මෙච්චර වෙලාවක් හිරකරගෙන ඉදපු වේදනාව ඔහේ පිට වෙද්දි..

You've reached the end of published parts.

⏰ Last updated: May 06 ⏰

Add this story to your Library to get notified about new parts!

You MeT Me (yizhan )Where stories live. Discover now