💔~~~ මුලාවේ 8~~~💔

247 52 38
                                    

"ආහ් මොකද මෙතන කරන්නේ ආ..!! දැන් ඉන්ටවල් ඉවර වෙන්න බෙල් කරනවා නේද.. chemistry ටීච නැද්ද අද.."

ජානුක එළියට ගිහිං ටිකක් වෙලා යනකං ස්ටාෆ් රූම් එකට වෙලා මිනුර එයිවත්ද කියලා බලන් උන්න මං දොර ඇරගෙන එළියට බැස්සෙ ක්ලාස් එකට ගිහිං මිනුර හිටියොත් හොඳ දෙකක් අමතන්න හිතන් වෙද්දි..දොරෙන් එලියට එද්දීම පඩිපෙළ මුදුනෙ උන්න මිනුරගෙ සෙට් එක දැකලා මාව ගැස්සුණා...

"එනකන් තමා අපිත් මේ බලන් ඉන්නෙ සෑර්....ඔය සර්ලා එක්ක වගේද...ඉගෙන ගත්තෙ නැතත් ටීචගේ මූණ බලන් ඉන්න හරි පංතියේ ඉන්නවා..."

"හ්ම් හ්ම්ම් එහෙම හරි පංතියේ ඉන්න එකත් ලොකු දෙයක්..එතකොට දැන් කෝ අර තමුසෙලගේ යාළුවා... මගේ මූණ බලන්න අකමැති එක හරි දැන් ටීචගේ මූණ බලන්න ඕනත් නැල්ලුද..."

අනික් තුන් දෙනා උන්නත් මිනුර පේන්න නැති වෙද්දී භානුක කියපු කට කැඩිච්ච කතාවටත් උත්තර දීගෙන මන් ආපිට මිනුර කෝ කියලා අහද්දී මං අහන්න නුසුදුසු දෙයක් ඇහුවා වගේ ඒ මූණු වල ඇඳුනේ අප්‍රසන්න බවක්...

"කවුද දන්නේ ඉතිං බලන්න ඕනාකම වැඩි උණාට බලලා වැඩක් නැති නිසා මඟ අරිනවා වෙන්නත් පුළුවන්...නේ බං.."

"මට තමුසෙලගේ අපබ්‍රංස තේරෙන්නෙ නෑ... යාළුවට කියනවා පැවරුම් ටිකත් අරන් බෙල් එක ගහන්න කලින් ස්ටාෆ් රූම් එකට එන්න කියලා..මං ජානුක අතෙත් පණිවිඩයක් එව්වා.හිටපු හෙඩ් ප්‍රිෆෙක්ට් නේ...වගකීමක් දුන්නම ඒක හරියට වෙලාවට කරන්න කියනවා..."

අභිෂේක් මහ ඔළුවෙන් වගේ මොකක්දෝ අපබ්‍රංශයක් කියද්දි ඒ කියපු දේ නොතේරුණත් ඒ මූණේ තිබුණ නොපහන් හැඟීමටම මටත් නොරිස්සුමක් දැණෙද්දී මගෙ වචන වලින් ඒ නොරිස්සුම එළියට එද්දී ඒ මූණු ඇකිලිලාම ගියා...

"...ඒ මේ බලපන්කෝ බං...ජානුකයා වගකිම් ඉෂ්ඨ කරන හැටි විතරයි වෙන්න ඇති පේන්නෙ පොඩි සෑර්ට.."

"අනේද කියන්නේ ඇයි සර්ට අපෙ එකාට පණිවිඩ එවන්න ඒ බස්සා ඇර වෙන බස්සෙක් හිටියෙ නැද්ද..සර් අරූව අස්සෙ දාන් උන්නා මදිවට සර් ඌ අතේම එකම මඟුලක් ගැන ආපහු  පණිවිඩ එවපු නිසා තමා දැන් විනාඩියකට කලිනුත් මෙතන්ට වෙලා ස්ටාෆ් රූම් එක දිහා ඇස් තියන් උන්න එකා පුපුර පුපුර යන්න ගියේ.."

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Donde viven las historias. Descúbrelo ahora