💔~~~ මුලාවේ 12 ~~~💔

216 59 40
                                    


එදා පෙබරවාරි මුල්ම සතියේ දවසක කහබිලියා ගාැවුණාට පස්සේ දවස් කිපේ නම් පංතිය ඇතුලේ තිබුණෙ සාමකාමී තත්වයක්...මට මල් පෝච්චියේ තිබුණ කහබිලියා නිසා කරදර උණ නිසාමදෝ පහුවදා මල් පෝච්චිය A 4 කොළවලින් හදපු කඩදාසි මල් කීපෙකින් හැඩවෙලා තියෙනවා දකිද්දී , මිනුරගෙ කණ්ඩායම ඇතුළු ළමයි හැමෝම වෙනදා වගේ නැතිව උනන්දුවෙන් මගෙ පිරියඩ් එකට ලෑස්ති වෙනබව පෙනෙද්දි කලින් දවසෙ හිත පුරවපු අමනාපකම් , කලකිරීම් හිරු දැකපු පිණි වගේ අතුරුදන් වෙලා ගියා..කොයි තරම් හිත සැහැල්ලු උනාද කිවුවොත් මිනුරට බයවෙලා බලන් ඉන්න දිලා මන් කොල්ලා එක්කත් හිනා උණා...


පිණිදුගෙන් මිනුර ගැන අහපු දේවල් එක්ක ඇති උණ අනුකම්පාව නිසාම කපන්න බැරි අත ඉබලා බලන්න මං රැයක් පුර නිදිවරන් තිරණේ කරා...

ඉතිං කැලෑ මල් වලින් කඩදාසි වලට මාරු උණ මල් පොකුරට තාමත් අයිති කාරයෙක් නැති උණත් මං අගය කිරිමක් එක්ක හැමෝටම ස්තුති කරලා එයින් පස්සෙවත් මගේත් එක්ක හොදින් වැඩ කරන්න කියලා ඉල්ලුවා....


ඒ අගය කිරිමට වගේම මගේ ඉල්ලීමට හොඳ ප්‍රතිචාර ලැබුණා..හැමදාම අලුත් මල් එපා අපරාදෙනෙ කිව්වත් , කඩදාසි මලුත් පරවෙන නිසා අයින් කරා වගේ..කලින් දවසෙ මල් ඊලග දවසෙ නොවෙද්දී හැමදාම අලුත් කඩදාසි මල් කීපෙකින් මගේ ගුරු මේසෙ හැඩ උණා..කවුරු උණත් ඒ මල් හදන්නෙ මං වෙනුවෙන්ම නිසා අන්තිමේ දවස් කීපෙකට පස්සෙ ස්කූල් ඇරිලා එද්දී මං ඒ දවසෙ මල් ටික බෝඩිමට අරන් ඇවිත් එකතු කරන්න පටන් ගත්තා...


"එපා කිව්වත් දවස ගානේ මං වෙනුවෙන්ම හදන නිසා මං අද ඉදන් මේවා අරන් යන්නම් හොඳද...."


මල් පොකුර අතේ තියන්ම මොකක්හරි හෝඩුවාවක් හොයා ගන්න මගෙ ඇස් ගෑණු ළමයීගේ සයිඩ් එකේ ඉස්සරහා ඉදන් පස්සට ගියේ මේ තරම් ලස්සනට මල් හදන්නෙ කෙල්ලෙක්ම වෙන්න ඕනා හිතුණ නිසා වෙද්දී එහෙම සැක හිතෙන දෙයක් නොවෙද්දී මගෙ ඇස් අනික් සයිඩ් එකේ පිටිපස්සේ ඉදන් ඉස්සරහට එද්දී මන් දිහාම බලන් උන්න මිනුරගෙ දිලිසෙන ඇස් ළඟ මං මොහොතකට නතර උණා...

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now